චීන ජනාධිපතිවරයා ජපානයේ නව අගමැතිවරයා සමග පැවැත්වූ දුරකථන සංවාදයේ වැදගත්කම
2021-10-09 10:40:25
Share with:

චීන ජනාධිපතිවරයා ජපානයේ නව අගමැතිවරයා  සමග පැවැත්වූ දුරකථන සංවාදයේ වැදගත්කම_fororder_f81fdc1479c4a84d9f410bec56e644b0

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(8) ජපානයේ නව අගමැති Fumio Kishida මහතා සමග දුරකථන සංවාදයක නිරත විය. එය කාලෝචිත මෙන්ම වැදගත්කම් සහිත සංවාදයකි.

ජපාන දේශපාලනයේ ගතානුගතිකත්ව ප්‍රවණතාව හා ඇමරිකාවේ බලපෑම හේතුවෙන් ජපානය චීනය සමග ප්‍රතිපත්තිය අඛණ්ඩව වෙනස් වෙමින් තිබිණ. හිටපු අගමැති Suga Yoshihide මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇමරිකාව සමග බැඳීම හා එරට මත යැපීම ශක්තිමත් කිරීමත් සමගම, යහපත් වීමේ ප්‍රවණතාවක් මතු ව තිබූ චීන ජපාන සම්බන්ධතාවය යළි බරපතල පසුබෑමකට පාත්‍ර විය. එය කලාපීය ආරක්ෂාවට හා සහයෝගිතාවට ද බාධාවක් විය.

මේ සඳහා චීන ජනාධිපතිවරයා ජපාන නව අගමැතිවරයා සමග සිදු කළ දුරකථන සංවාදයේදී ඉදිරිපත් කළ වැදගත් කරුණු නව යුගයේ චීන ජපාන සම්බන්ධතාවයට දිශාවක් පෙන්වූ බව කිව හැකිය.

ඒ අනුව, චීන ජපාන දේශපාලන ලේඛන හතර හා එකිනෙකාගේ සහයෝගිතා හවුල්කරුවා වෙමින් එකිනෙකාට තර්ජනයක් එල්ල නොවීම, යන මූලධර්මය අනුගමනය කළ යුතුය. චීනය හා ජපානය රාජ්‍ය පාලනය පිළිබඳ අදහස් හුවමාරු හා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණය පුළුල් කළ යුතු අතර විවෘත හා සාධාරණ වෙළඳ හා ආයෝජන පරිසරය පොදුවේ ආරක්ෂා කළ යුතුය.

අනතුරුව චීනය හා ජපානය සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා ‍විශේෂයෙන් පෙන්වා දුන්නේය. වත්මන් ඇමරිකානු රජය බහුපාර්ශ්විකවාදය මුවාවෙන් ‘ඉන්දු- පැසිෆික් උපායමාර්ගය’ එළිදැක්වීය. එය සැබැවින්ම සංවෘත කවයක් හා සුළු කණ්ඩායමක් ගොඩනැගීමට ගත් උත්සාහයකි. ජපානය ආසියානු රටක් වශයෙන් සිය තිරසර ප්‍රතිලාභ හා වත්මන් අවශ්‍යතාව සැලකිල්ලට ගතහොත්, ඇමරිකාවේ උපායමාර්ගික ප්‍රතිලාභ සඳහා තම රට වැසියන්ගේ සුබසෙත කැප නොකර කලාපීය ප්‍රතිලාභයන්ට ද හානි  නොකළ යුතු බව පෙන්විය යුතුය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන