ගෝලීය ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා චීනය සිය ප්‍රඥාව ලබා දෙයි
2021-10-08 20:12:35
Share with:

ගෝලීය ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා චීනය සිය ප්‍රඥාව ලබා දෙයි_fororder_ජෛව විවිධත්‍වය පිළිබඳ සම්මුතියේ පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ 15 වන රැස්වීමේ සත්කාරක රට වශයෙන් චීනය ගෝලීය ජෛව විවිධත්ව පාලනයට නව ප්‍රබෝධයක් ලබා දීම සඳහා ප්‍රායෝගික හා ක්‍රියාත්මක මාර්ග ඉදිරිපත් කරනු ඇත.

චීනයේ ජෛව විවිධත්ව සංරක්‍ෂණයේ සංකල්පය, මිනුම් සහ ප්‍රතිඵල ජාත්‍යන්තර ප්‍රජාවට හඳුන්වා දෙමින් චීනයේ ජෛව විවිධත්ව සංරක්‍ෂණය යන ධවල පත්‍රිකාව චීනය අද(8 ) ප්‍රකාශයට පත් කළේය. බහුපාර්ශ්විකවාදය පිළිපැදීම සහ ගෝලීය සහයෝගීතාවයට සහභාගී වීම  සඳහා චීනය ගත් බොහෝ උත්සාහයන් මගින් ගෝලීය ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට චීන ප්‍රඥාව සහ චීන විසඳුම් ලබා දී තිබේ.

ජෛව විවිධත්වය මානව පැවැත්ම හා සංවර්ධනය සඳහා වැදගත් පදනමක් වන අතර එය මානව යහපැවැත්ම හා සම්බන්ධ වේ. ලොව පොහොසත්ම ජෛව විවිධත්වය ඇති රටක් ලෙස චීනය ජෛව විවිධත්ව ආරක්‍ෂාව සඳහා සෑම විටම විශාල වැදගත්කමක් ලබා දී තිබේ. විශේෂයෙන් පසුගිය දශකය තුළ චීනය පාරිසරික ප්‍රමුඛතාවය සහ හරිත සංවර්‍ධනයට අනුකූලව කටයුතු කළේය. පරිසරය හා පාරිසරික ආරක්‍ෂාව පිළිබඳ නීතී පද්ධතිය වැඩිදියුණු කර ඇති අතර , නියාමන යාන්ත්‍රණය ශක්තිමත් කර තිබෙන චීනය අදාළ ආයෝජනය වැඩි කර ජෛව විවිධත්ව ආරක්‍ෂාව පිළිබඳ නව අදියරකට ඇතුළු වී ඇත.

ධවල පත්‍රිකාවට අනුව, චීනයේ භෞමික පරිසර පද්ධති වලින් 90% ක් සහ ප්‍රධාන ජාතික ආරක්‍ෂිත වන සතුන් හා ශාක විශේෂ වලින් 71% ක් දැනට ඵලදායී ආරක්‍ෂාව යටතේ පවතී.වසර  2000 සිට 2017 දක්වා කාලය තුළ ලෝකයේ නව හරිත බිම් ප්‍රමාණයෙන් 25% ක් පමණ චීනයෙන් පැමිණි අතර ගෝලීය හරිතකරණය වර්‍ධනය සඳහා චීනයේ දායකත්වය ලොව ප්‍රථම ස්ථානයට පත්විය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වීඩියෝ දේශනයකින් පෙන්වා දුන්නේ මානව ශිෂ්ඨාචාරය සඳහා වගකිව යුතු උපරිම ස්ථානයේ මිනිසා සිටිය යුතු අතර සොබාදහම සමග සාමූහික සහජීවනයේ මාවත ගවේෂණය කළ යුතු බවයි. බ්‍රසීලයේ චීන අධ්‍යයන මධ්‍යස්ථානයේ ආර්ථික විද්‍යාඥයෙකු සහ අධ්‍යක්‍ෂ රොනී ලින්ස් පෙන්වා දුන්නේ මානව සමාජයේ හරිත සංවර්ධනය සාක්‍ෂාත් කර ගැනීම සහ පාරිසරික ශිෂ්ටාචාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපති ෂී ජින් පිං මහතාගේ යෝජනා වලට වැදගත් අවබෝධයක් ඇති බවයි.

ජෛව විවිධත්‍වය පිළිබඳ සම්මුතියේ පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ 15 වන රැස්වීමේ සත්කාරක රට වශයෙන් චීනය ගෝලීය ජෛව විවිධත්ව පාලනයට නව ප්‍රබෝධයක් ලබා දීම සඳහා ප්‍රායෝගික හා ක්‍රියාත්මක මාර්ග ඉදිරිපත් කරනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන