චීන ඇමරිකා සම්බන්ධතාවය විධිමත් වීමේ පූර්ව කොන්දේසි
2021-10-07 18:40:04
Share with:

චීන ඇමරිකා සම්බන්ධතාවය විධිමත් වීමේ පූර්ව කොන්දේසි_fororder_8f98fc165de492b5c84dbd8bb9c59552

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටු කාර්යාල අධ්‍යක්ෂ Yang Jiechi මහතා සහ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ සහකාර Jake Sullivan මහතා ස්විට්සර්ලන්තයේ සූරිච් හිදී ඊ‍යේ(6) හමු වූහ.

මීට මාසයකට පෙර චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමග දුරකථන සංවාදයක නිරත විය. චීන ඇමරිකා සම්බන්ධතාවය, ‘මනා ලෙස වර්ධනය කරන්නේ කෙසේ ද’ යන්න අනිවාර්යය ප්‍රශ්නයක් මිස, වර්ධනය කළ යුතු ද නැද්ද යන්න පිළිබඳ තෝරා ගැනීමේ ප්‍රශ්නයක් නොවන බව එහිදී චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.මේ අතර බයිඩන් ජනාධිපතිවරයාත් සංවාදය හා සහයෝගිතාව පිළිබඳ සංඥාවක් නිකුත් කර තිබිණ. ඊයේ පැවති චීනයේ හා ඇමරිකාවේ ඉහල පෙළේ නිලධාරීන්ගේ මෙවර හමුවේ ප්‍රධාන අරමුණක් වන්නේ නායක දෙපළ ඉකුත්දා එළඹුණු වැදගත් එකඟතාවයන් ක්‍රියාවට නංවාලීමට ප්‍රයත්න දැරීමය.

මෑත වසරවල චීන ඇමරිකානු සබඳතාව අසීරු අභියෝගාත්මක අදියරක පවතී. ඊට හේතුව, චීනය පිළිබඳව ඇමරිකාව සිදු කළ වැරදි උපායමාර්ගික වටහාගැනීම හා ද්විපාර්ශ්වීය සම්බන්ධතාව කෙරෙහි ඇමරිකාවට ඇති බරපතල අනවබෝධයයි.  මේ සඳහා දෙපාර්ශ්වය උපායමාර්ගික හුවමාරු පුළුල් කළ යුතුය. විශේෂයෙන් ඇමරිකාව චීනය සම්බන්ධයෙන් දරන වැරදි අවබෝධය නිසි ලෙස වෙනස් ‍කිරීම, චීන ඇමරිකා සම්බන්ධතාවය යළි නියම මාර්ගයට ගෙන ඒමට අතිශයෙන් වැදගත් බව පෙන්වා දිය යුතුය.

කෙසේ වුවද මේ දිනවල චීනය සමග සම්බන්ධතාවය සම්බන්ධයෙන් ඇමරිකාව ඇතැම් සක්‍රීය ස්ථාවර දක්වා ඇත. ‘චීනයේ වර්ධනය මර්දනය කිරීමට අදහසක් නොමැත.’ ‘නව සීතල යුද්ධයක් දියත් නොකරයි.’ ‘එකම චීනය පිළිබඳ ප්‍රතිපත්තිය අනුගමනය කරයි.’ යන ස්ථාවර එරට විසින් අවධාරණය කළ ද, ක්‍රියාව කතාවට වඩා වැදගත්ය. ඇමරිකාව චීනයේ ස්වාධිපත්‍යයට, ආරක්ෂාවට හා සංවර්ධන ප්‍රතිලාභයට ප්‍රායෝගික ලෙස ගරු කළ යුතුය. එමෙන්ම තායිවාන ප්‍රදේශය, හොංකොං විශේෂ පරිපාලන කලාපය, ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තය, ටිබෙට් ස්වායත්තය, මානව හිමිකම් ප්‍රශ්නය යනාදී කරුණු මගින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතුය. එය චීන ඇමරිකා සම්බන්ධතාවය විධිමත් වීමේ පූර්ව කොන්දේසියකි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන