ඉලක්ක සහ කාර්යයන් සම්පූරණයෙන් ම අවසන් වීම චීනයේ මානව හිමිකම් සුරැකීමේ සාර්ථකත්වය ගැන සාක්ෂි දැරීමකි
2021-09-30 20:02:42
Share with:

ඉලක්ක සහ කාර්යයන්  සම්පූරණයෙන් ම අවසන් වීම චීනයේ මානව හිමිකම් සුරැකීමේ සාර්ථකත්වය ගැන සාක්ෂි දැරීමකි_fororder_QQ图片20210930200144

චීන මානව හිමිකම් පර්යේෂණ සංගමය සහ අනෙකුත් ආයතන ඊයේ (29 ) චීනයේ ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මෙහි  ( 2016-2020) විශිෂ්ඨ ජයග්‍රහණ ලෝකය හමුවේ තබමින් වාර්තාවක් නිකුත් ‍කළේ ය .ඉලක්ක සහ කාර්යයන්  168 ම අවසන් වී ඇති අතර ඒවායින් බොහෝමයක් නියමිත වේලාවට පෙර හෝ අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

රටේ මානව හිමිකම් සංවර්ධනය පිළිබඳ වෛෂයික හා සවිස්තරාත්මක සමාලෝචනයක් සහ ඇගයීමක් සිදු කිරීම සඳහා චීනය තුන්වන පාර්ශවීය සංවිධානයක් හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙයයි. මෙම වාර්තාව තුළින් බාහිර ලෝකය පැහැදිලිව දකින්නේ චීන පාලක පක්ෂයේ මඟපෙන්වීම සහ "ජනතාව සඳහා පාලනය" යන රජයේ සංකල්පය යටතේ චීනයේ මානව හිමිකම් සුරැකීම සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බවයි.

ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම අද ලෝකයේ මානව හිමිකම් ආරක්‍ෂක ක්ෂේත්‍රයේ වැදගත් අන්තර්ගතයකි. 2009 සිට චීනය නිල වශයෙන් "මානව හිමිකම් තේමාව කරගත්" ජාතික සැලැස්මක් සකස් කර තිබේ. නියමිත ඉලක්ක නියමිත වේලාවට සම්පූර්ණ කිරීම චීනයේ මානව හිමිකම් අරමුණ තුළ සිදු වූ විශාල ජයග්‍රහණයක් පමණක් නොව ගෝලීය මානව හිමිකම් පාලනය සඳහා සහ ලෝක මානව හිමිකම් අරමුණෙහි දියුණුවට හා ප්‍රගතියට වැදගත් දායකත්වයක් සපයයි.

බිලියන 1.4 කට වඩා වැඩි ජනගහනයක් සිටින විශාල සංවර්ධනය වෙමින් පවතින රටක් සඳහා, යැපීමේ හා සංවර්‍ධනය කිරීමේ අයිතිය සැම විටම මූලික මිනිස් අයිතිවාසිකම් වේ. චීනයේ පාලක පක්ෂය සහ රජයේ නායකත්වය යටතේ වසර 40 කට වැඩි කාලයක් තුළ චීනයේ ග්‍රාමීය දිළිඳු පුද්ගලයන් මිලියන 770 ක් දුප්පත්කමින් නිදහස් කර ගෙන ඇති අතර ගෝලීය දරිද්‍රතාවය අඩු කිරීම සඳහා 70% කට වඩා වැඩි දායකත්වයක් ලබා දී එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රය මඟින් දිළිඳුකම පිටුදැකීමේ ඉලක්කය නියමිත වසර 10 කට පෙර සම්පූර්ණ කර ති‍බේ .

සංවර්ධන නව පියවරකට අවතීර්ණ වන චීනයට සිය මානව හිමිකම් අරමුණෙහි ප්‍රගතිය ශක්තිමත් පදනමක් වනු ඇත. ගෝලීය මානව හිමිකම් පාලනය ප්‍රවර්‍ධනය කර  මානව සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා වඩා හොඳ මානව හිමිකම් සේවයක් ඉටු කරමින්  වැඩි වැඩියෙන් චීන ප්‍රඥාව සහ චීන විසඳුම් ලබා දෙනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන