චීනයේ වර්ධනය ‍ලෝකයට දිරියක්
2021-09-29 10:25:54
Share with:

චීනයේ වර්ධනය ‍ලෝකයට දිරියක්_fororder_src=http___wx2.sinaimg.cn_large_001h6S5hly4guwmk4bwstj60u00j9dp802&refer=http___wx2.sinaimg

සුවපහසු සමාජය සම්පූර්ණයෙන් ගොඩනගා තිබෙන බව චීනය පසුගිය ජූලි මස 1දා ලෝකය වෙත ප්‍රකාශ කළේය. එය චීන ජාතිකයින්ගේ සහස්‍ර සිහිනය සාක්ෂාත් කර ගැනීමකි. ‘චීනයේ සම්පූර්ණ සුවපහසු සමාජය’ නම් ධවල පත්‍රිකාව ඊයේ(28) නිකුත් කෙරිණ. එමගින් සම්පූර්ණ සුවපහසු සමාජය ගොඩනැගීම හා නවීකරණ සංවර්ධනය පිළිබඳ චීනයේ ප්‍රායෝගික අත්දැකීම් ලෝකය සමග බෙදා ගැනේ.

චීන ජනතාව ලුහුබැඳ ගිය සම්පූර්ණ සුවපහසු සමාජය, පූර්ණ ක්ෂේත්‍ර ආවරණය වීමකි. එනම් තිරසර ව වර්ධනය වන ආර්ථික ප්‍රගතිය, ව්‍යාප්ත වන ප්‍රජාතන්ත්‍රවාදය, සමෘද්ධිමත් වන සංස්කෘතිය, කැපී පෙනෙන ලෙස ජන ජීවිතය යහපත් වීම හා ජෛව පරිසරයේ ඓතිහාසික වෙනස්කම් ගෙන දීමය. එය චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන ජනතාව පාරම්පරිකව දැවැන්ත අසීරුතා මගහැර උද්‍යෝගිවත් වී වෙහෙසකර වෑයම් දරා දිනූ ජයග්‍රහණයකි.

චීනය සම්පූර්ණ සුවපහසු සමාජය ගොඩනගා ඇත්තේ ලෝකය සමග සන්නිවේදනය හා හුවමාරු පැවැත්වීම සමගය. ලෝකයේ සෙසු රටවල් පොදුවේ වර්ධනය කර ගැනීම  එයින් පොළඹවා ඇත. වසර 2006යේ සිට චීනය වසර 15ක් පුරා අඛණ්ඩව ලෝක ආර්ථික වර්ධනයට විශාලම දායකත්වය සපයන රටය. ලෝක ආර්ථික වර්ධනයට චීනය ඉටු කළ දායකත්ව  අනුපාතය සියයට 30කට අධිකය. නව කොරොනා වසංගතය යටතේ චීන ආර්ථිකය ලෝකයට ඇති වැදගත්කම වඩාත් කැපී පෙනේ. මෙම වසරේ මුල් මාස හය තුළ චීන ආර්ථිකය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 12.7කින් වර්ධනය වූ අතර එයින් ‍ගෝලීය ආර්ථික හා වෙළඳ ප්‍රතිසාධනය ඉදිරියට ගෙන ගොස් තිබේ. නව සංවර්ධන ව්‍යුහයක් සකස් කරමින් සිටින චීනය, ලෝකය වෙත වඩාත් පුළුල් වෙළඳපොලක්, වඩාත් විශාල සංවර්ධන අවකාශයක් සලසා දෙනු ඇති බවට කිසිදු සැකයක් නොමැත.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන