හොංකොංහී සුවිශේෂී ජවසම්පන්න ව්‍යාපාරික පරිසරය පිළිබඳ වාර්තාවක්
2021-09-28 14:42:14
Share with:

හොංකොංහී සුවිශේෂී ජවසම්පන්න ව්‍යාපාරික පරිසරය පිළිබඳ වාර්තාවක්_fororder_0a175027ff8ea6b6fe1eb2a14b6b19ca

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජය ඊයේ(27)  අසමසම වාසි සහ අසීමිත අවස්ථා සපිරි ස්ථානය නමැති හොංකොංහී ව්‍යාපාරික පරිසරය පිළිබඳ වාර්තාව නිකුත් කළේ ය.

එය හොංකොංහි  ජවසම්පන්න ව්‍යාපාරික පරිසරය සවිස්තරාත්මකව විස්තර කිරීමකි.

වසර 2021 ජුනි මාසය දක්වා ගත වූ මාස 12 තුළ හොංකොංහි නව කොටස් වෙනුවෙන් එකතු වූ මුදල් ප්‍රමාණය හොංකොං ඩොලර් බිලියන 500ක් ඉක්මවා ගොස් ඇති අතර එය පසුගිය වසරේ සමාන කාලයට වඩා සියයට 50ක වැඩිවීමකි. බැංකු පද්ධතියේ සමස්ත තැන්පතු ප්‍රමාණය හොංකොං ඩොලර් ට්‍රිලියන 15ක් වන අතර එය පසුගිය වසරේ සමාන කාලයට වඩා සියයට 8ක වර්ධනයකි. මෙම වසරේ මුල් මාස හය තුළ හොංකොංහි ආර්ථිකය බලවත් ලෙස පුනරුත්ථාපනය වූ අතර එහි විරැකියා අනුපාතය සියයට 7.2ක සිට 4.7ක් දක්වා පහල ගියේය. මෑතදී නිකුත් කෙරුණු‘ගෝලීය මුල්‍ය සේවා මධ්‍යස්ථාන දර්ශකයේ’ හොංකොංහි ස්ථානය යළි ලෝක ප්‍රමුඛ ස්ථාන තුනට ඇතුලත් වී තිබේ.

හොංකොංහි ව්‍යාපාරික පරිසරය සුරක්ෂිත හා ජවසම්පන්න බව එම සත්‍ය කරුණු  හා දත්ත තුළින් පිළිබිඹු වේ. එහෙත් එම තත්ත්වය වසර 2019 ජුනි මාසයත් 2020 මුල් කාලයත් තුළ එහි පැවති තත්ත්වය අනුව නම් ඉටු කර ගැනීමට  නොහැකි දෙයකි. ඒ කාලයේ ඇමරිකාව ඇතුළු බාහිර බලවේගයන්ගේ උසිගැන්වීම හා අනුබලය යටතේ හොංකොංහි සිටි චීන විරෝධී පුද්ගලයින් දේශපාලන ගැටළු හා ප්‍රචණ්ඩත්වයන් මෙහෙයැවීය. එය හොංකොංහි සමාජය හා ආර්ථිකයට දැඩි කම්පනයකි. හොංකොංහි ව්‍යාපාරික පරිසරය ඉන් බරපතල ලෙස විනාශ විය.

ඇමරිකානු චීන-විරෝධී බලවේගය, හොංකොංහි ව්‍යාපාරික පරිසරයට විශාලතම විනාශකරුවාය. ඔවුහු හොංකොංහි ක්‍රියාත්මක ජාතික ආරක්ෂණ නීතියට අපහාස කරමින් හොංකොං විශේෂ පරිපාලන කලාපයට එරෙහි හේතු විරහිත සම්බාධක ද පැණවූහ.  අසත්‍ය ගොතමින් හොංකොංහි ව්‍යාපාරික පරිසරය අස්ථාවර කරමින් හොංකොංහි අනාගතය අවතක්සේරු කළේය. හොංකොංහි ගැටළු තත්ත්වයන් ඇති කරමින් චීනය මර්දනය කිරීමේ අරමුණ ඉටු කිරීමට, ඔවුන් හොංකොංහි අන්තර්ජාතික සමාගම්වලට තර්ජන එල්ල කරමින් පීඩන පනවා ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන