චීනයේ සුළු ජන වාර්ගිකයින්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය පිළිබඳ කදිම නිදසුනක්
2021-09-26 20:22:51
Share with:

චීනයේ සුළු ජන වාර්ගිකයින්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය පිළිබඳ කදිම නිදසුනක්_fororder_2f1e51074fd03d7636ce7d0a2238cd95

චීනය විසින් අද(26) නිකුත් කරන ලද ෂින්ජියං ප්‍රදේශයේ ජන විකාශන වර්‍ධනය පිළිබඳ ධවල පත්‍රිකාවේ විස්තරාත්මක දත්ත මගින් ෂින්ජියංහි ජනගහනයේ වර්ධන තත්ත්වය විස්තර කරමින් බහුජාතික රටක් වන චීනය සුළු ජන වාර්ගිකයින්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ සාර්ථක නිදසුනක් ලෝකයට ද විදහා පා ඇත.

වසර 2020 දත්තයන්ට අනුව ඊට පෙර වසර 10 තුළ ෂින්ජියංහි ජනගහණයේ වර්ධන වේගය රටේ සිව්වැනි ස්ථානයේ පසු විය. එතැන් සිට ඉදිරි කාල වකවානුව තුළ ෂින්ජියංහි ජනගහණය, විශේෂයෙන් සුළු ජන වාර්ගිකයින්ගේ ජනගහණය ස්ථිර වැඩිවීමක් පෙන්නුම් කරනු ඇතැයි ද එම ධවල පත්‍රිකාව සඳහන් කරයි.

එපමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දුන් මානව සංවර්ධන දර්ශකයට අනුව, අපේක්ෂිත ආයුෂ කාලය, අධ්‍යාපන මට්ටම හා ජීවන මට්ටම යන පැති තුනෙන්ම ෂින්ජියංහි වෙසෙන සුළු ජන වාර්ගිකයින් කැපී පෙනෙන දියුණුවක් ලබා ඇත. වසර 2019යේ එහි සාමාන්‍ය ආයු කාලය අවුරුදු 74.7ක් වන අතර එය වසර 2010යේ මට්ටමට වඩා අවුරුදු 2.35ක වැඩි වීමකි. උයිගුර් ජාතිකයින් අතරින් ලක්ෂයකට 8944 දෙනෙක්  විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ඇත. වසර 2000 තත්ත්වයට වඩා එය 6540කින් වර්ධනය වී තිබේ.

ෂින්ජියං උයිගුර් ජාතික ස්වායත්තයේ ජනගහණ වර්ධනය, එහි මානව හිමිකම් ව්‍යායාමයේ දියුණුවේ පිළිබිඹුවකි. එහෙත් බටහිර රටවල් එවන් තත්ත්වය මග හැර ඊනියා ‘බලහත්කාරයෙන් වැඩ ගැනීම’, ‘බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය කිරීම’ ‘සංස්කෘතිය තුරන් කිරීම’ යන හුදෙක් බොරු ගොතා ෂින්ජියංහි කෘෂි හා කාර්මික කර්මාන්තයට බාධා කිරීමට තැත් කර ඇත. ෂින්ජියංහි වැසියන්ගේ ශ්‍රම අයිතිය හා සංවර්ධන අයිතිය අහිමි කොට එම ප්‍රදේශය යළි දුර්වල කර දිළිඳුකමට පත් කරවීම ඔවුන්ගේ උපාය ය. ෂින්ජියංහි ගැටළු තත්ත්වයක් ඇති කර චීනය මර්දනය කිරීම ඔවුන්ගේ අවසාන අරමුණය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන