මෙන්ග් වන්චෞ මහත්මිය යළි චීනයට පැමිණීම මගින් චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාව වෙනුවෙන් රට පාලනය කිරීම පිළිබිඹු වේ
2021-09-25 19:38:13
Share with:

චීනයේ  ‘හුවාවෙයි’සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරිනී මෙන්ග් වන්චෞ මහත්මිය යළි චීනයට පැමිණීම මගින් චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාව වෙනුවෙන් රට පාලනය කිරීම පිළිබිඹු වේ.

චීන රජයේ නොපසුබස්නා උත්සාහය හේතුවෙන් කැනඩාවේ දින 1028ක් නිවාස අඩස්සියේ පසු වූ ඇය ඉකුත් සිකුරාදා නිදහස ලබා චීනයට යළි ආපසු පැමිණීමේ ගමන ආරම්භ කළාය. ඇය යළි නිදහස ලැබීම යුක්තිය හා නීතිය ජය ගැනීමක් පමණක් නොවේ.චීන පාලක පක්ෂය හා රජය සිය ජාතිකයන්ගේ නීත්‍යානුකූල ආයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ දැඩි අධිෂ්ඨානය එමගින් පැහැදිලි කර ඇත.එමෙන්ම ආධිපත්‍යවාදය හා බල දේශපාලනයට බිය නොවන චීන ජනතාවගේ ස්ථිර ජීවගුණයක් ඉන් පිළිබිඹු වේ. 

2018 වසරේ ඇමරිකාවේ ඉල්ලීම මත ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ කැනඩාවේ වැන්කුවර් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ය.එය සැබවෙන්ම දේශපාලන කුමණ්ත්‍රණයකි.ඇමරිකාව හා කැනඩාව නීතිය මුවාවෙන් චීන අධි තාක්ෂණ සමාගම්වලට පහර දී චීනයේ තාක්ෂණ සංවර්ධනයට බාධා කිරීම එහි සැබෑ අරමුණය.

මෙන්ග් වන්චෞ මහත්මිය නීති විරෝධීව අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඇයට පැණවූ නිවාස අඩස්සිය, අදාළ අත්අඩංගුවට ගැනීමේ නියෝගය හා උදර්පණ ඉල්ලීම වහා ඉවත් කර ඇයට නිදහස දී සාමකාමීව චීනයට ආපසු පැමිණීමට අවසර දෙන ලෙස චීන රජය අඛණ්ඩව කැනඩාවෙන් ඉල්ලා සිටියේය.මේ වසරේ ජූලි මස ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ චීනයේ සංචාරය තුළ මෙන්ග් වන්චෞ මහත්මිය සඳහා ඇමරිකාවේ උදර්පණ ඉල්ලීම ඉවත් කරන ලෙසට චීනය ඇමරිකාවෙන් සෘජුවම ඉල්ලා ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන රැස්වීමේදී නීති විරෝධි අත්අඩංගුවෙන් ඇය නිදහස් කරන ලෙස චීනය කැනඩාවෙන් ඉල්ලා සිටියේය.ජනතාව වෙනුවෙන් රටේ පරිපාලනය සිදුකිරීම හා ජනතාවට මූල් තැන ලබාදීම කෙසේ ද යන්න පිළිබඳව චීන රජය එවන් සැබෑ ක්‍රියාවන් මගින් විදහා පා ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ශක්තිමත් චීනය, සැම විටම චීන ජනතාව අසීරුතාවන්ට මුහුණ දීමේදී බලවත්ම සහතිකයක් බව විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන