චීනයේ ගෝලීය විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය පිළිබඳ සහයෝගිතා
2021-09-25 14:28:56
Share with:

චීනයේ ගෝලීය විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය පිළිබඳ සහයෝගිතා_fororder_QQ截图20210925142720

ගෝලීය විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය පිළිබඳ සහයෝගිතා පුළුල් කිරීමෙහි නිරත වන චීනය වඩාත් විවෘත ආකල්පයකින් ජාත්‍යන්තර විද්‍යා තාක්ෂණික හුවමාරුවට එක් වනු ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළා.

ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ(24) බෙයිජිංහි පැවති 2021 Zhongguancun සංසදයට වීඩියෝ ආකාරයෙන් සුබ පතමින්.

විද්‍යා තාක්ෂණය මානවයන්ගේ ශ්‍රේෂ්ඨ නිර්මාණශීලි ක්‍රියාකාරකමක්. එය සංවර්ධනය මෙහෙයවීමේ ප්‍රථම අභිප්‍රේරණයයි. වර්තමානයේ විද්‍යා තාක්ෂණය සංවර්ධනය කිරීමේදී ගෝලීය දෘෂ්ටියක සිට යුගයේ ස්පන්දනයට අනුකූලව මානවයන්ගේ නව ජීවිත හා නිෂ්පාදන අවශ්‍යතාවන් හඳුනා ගත යුතුයි.

Zhongguancun විද්‍යා තාක්ෂණික කලාපය චීනයේ පළමු වන ජාතික ස්වයං නිර්මාණශීලිත්ව ආදර්ශවත් කලාපයයි. Zhongguancun සංසදය ගෝලීය විද්‍යා තාක්ෂණික නවෝත්පාදන හුවමාරු හා සහයෝගිතාව පිළිබඳ ජාතික මට්ටමේ වේදිකාවක්. Zhongguancun විද්‍යා තාක්ෂණික කලාපය ප්‍රථමයෙන්ම ප්‍රතිසංස්කරණය කරමින් එය ලොව ප්‍රමුඛ මට්ටමට සංවර්ධනය කිරීම කඩිනම් කිරීමට චීනය අනුබල දෙන බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක බුද්ධිමය දේපල අයිතිවාසිකම් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්  Daren Tang මහතා Zhongguancun සංසදය වීඩියෝ ආකාරයෙන් අමතමින් චීනය ලද නවෝත්පාදන ජයග්‍රහණ ඉහලින් අගය කර තිබෙනවා. වසංගත තත්ත්වය හමුවේ වුවද‍ ලෝක නවෝත්පාදන දර්ශකයේ චීනයට හිමි  ස්ථානය පසුගිය වසරේ 14 වන ස්ථානයේ සිට 12 වන ස්ථානය දක්වා ඉහල නංවා ඇති බව ඔහු විස්තර කළා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන