චීනය ලෝකයට දෙන පොරොන්දුව හා දරන වගකීම
2021-09-22 19:18:47
Share with:

චීනය ලෝකයට දෙන පොරොන්දුව හා දරන වගකීම_fororder_9286e007030543c1f9cc27dfac1af704

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(21) බෙයිජිංහි සිට වීඩියෝ ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩලයේ පොදු විවාදයකට එ‍ක් වෙමින් කතාවක් කළේය. සමගිව වසංගතය මර්දනය කිරීම, ආර්ථික ප්‍රතිසාධනය, ජගත් සබඳතා වර්ධනය, ගෝලීය පාලනය යහපත් කිරීම යනාදිය පිළිබඳව ඔහු එහිදී නව ස්ථාවරයන් හා පියවර මාලාවක් ඉදිරිපත් කළේය.

චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍යානුකූල ස්ථානය යළි හිමි වීමේ 50 වන සංවත්සරය මෙම වසරේ සනිටුහන් වේ. ගෙවී ගිය දශක පහ තුළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටක් වශයෙන් චීනය එක්සත් ජාතීන්ගේ ස්ථානය ආරක්ෂාව හා ගෝලීය පාලනය යහපත් කරලීමට වැදගත් කාර්යභාරයන් ඉටු කර ඇත.

ගෝලීය සංවර්ධනයට චීනය සංකල්පමය විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම පමණක් නොව, ප්‍රායෝගික  හැකියාවන් ද පෙන්නුම් කර ඇත. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පොදු විවාදයට එක් වෙමින් චීන ජනාධිපතිවරයා, චීනය ජගත් ප්‍රජාවට දුන් පොරොන්දුව යළි අවධාරණය කළේය. ඉදිරි වසර තුන තුළ ඇ.ඩො. බිලියන තුනක ජගත් සහනාධාර සැපයීමට චීනය සූදානම්ය. මේ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල හරිත සංවර්ධනයට අනුබලයක් වශයෙන් විදේශයන්හි ගල් අඟුරු විදුලි බලාගාරවල ඉදි කිරීම්වලට චීනය එක් නොවනු ඇතැයි ඔහු ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ පැසසුමට ලක් විය.

චීනය හැම විටම ලෝක සාමයේ සංවර්ධන කරන්නෙකු, ගෝලීය සංවර්ධනයේ දායකයෙකු, ජගත් පටිපාටියේ ආරක්ෂකයෙකු, පොදු නිෂ්පාදිත සැපයුම්කරුවෙකු වශයෙන් කටයුතු කරන බව ෂී ජින්පිං මහතා විසින් මෙවර ප්‍රකාශයට පත් කෙරුණු නව යෝජනා හා පියවර මගින් පිළිබිඹු වේ. එය චීනය සිදු කළ ඓතිහාසික තෝරා ගැනීමක් මෙන්ම චීනය ලෝකයට දෙන පොරොන්දුව හා දරන වගකීම ද වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන