චීන ජාතිකයින් සැබෑ කළ අභිලාෂ
2021-09-21 14:19:13
Share with:

චීන ජාතිකයින් සැබෑ කළ අභිලාෂ_fororder_微信图片_20210921135208

චීන සාම්ප්‍රදායික චින්තනයට අනුව පුර සඳ මගින් සිහිනය සාක්ෂාත් කිරීම සංකේතවත් කෙරෙනවා. මේ පුර සඳ උදා වූ ‍මැද සරත් උත්සව දිනයේදී චීන ජාතිකයින් සැබෑ කළ අභිලාෂ සිහිපත් කිරීම වැදගත්.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් සමරු සම්මේලනයක් පසුගිය ජූලි මස පළමුවනදා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.  චීනයේ සුවපහසු සමාජයක් සම්පූර්ණයෙන් ගොඩනගා තිබෙන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා  එහිදී ගාම්භීර ලෙස ප්‍රකාශ ක‍ළා. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය නිමිත්තෙන් ළඟා කර ගත යුතු ඉලක්කයක් ලෙසට නියම කර තිබුණා.

චීන ජාතිකයින් සැබෑ කළ අභිලාෂ_fororder_微信图片_20210921135158

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කිලෝමීටර් 400ක් ඉහළ කක්ෂයේ ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා. ජූනි මස 23 වනදා ෂී ජින්පිං මහතා බෙයිජිංහි පිහිටි අභ්‍යවකාශ යාත්‍රා පාලන මධ්‍යස්ථානයට පැමිණ අභ්‍යවකාශයේ තිබූ ටියන්-හ මොඩියුලයේ චීන ගගනගාමීන් තුන්දෙනෙක් වන නියේ හයිශෙන්, ලියු බෝමිං හා ටාං හොංබෝ සමග වීඩියෝ ආකාරයෙන් පිළිසඳරක නිරත වුණා.  සැප්තැම්බර් 17 වනදා එම තිදෙනා රැගත් චීනයේ ෂෙන්චෞ 12 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය සාර්ථකව ගොඩබැස්ම සිදු කළා.

චීන ජාතිකයින් සැබෑ කළ අභිලාෂ_fororder_微信图片_20210921135202

වසර 2008 බෙයිජිංහිදී අපූරුවට පැවති 29 වන ග්‍රීෂ්ම ඔලිම්පික්‍ ක්‍රීඩා උළෙල චීන ජාතිකයින්ගේ වසර සීයයක ක්‍රීඩාව ගැන සිහිනය ඉෂ්ට වීම සනිටුහන් වෙනවා. වසර 2022 කේ 24 වන සීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල විශිෂ්ට හා අසාමාන්‍ය සේ පැවැත්වීමට බෙයිජිං නගරය දැන් සූදානම් වෙමින් තිබෙනවා. ඒ අනුව බෙයිජිං නගරය ලෝකයේ පළමු ‘ද්විත්ව ඔලිම්පික් නගරය’ බවට පත් වෙනවා.

චීන ජාතිකයින් සැබෑ කළ අභිලාෂ_fororder_微信图片_202109201432591

රටේ සමෘද්ධිය සඳහාත් ජන ජීවිතය යහපත් කරලීම සඳහාත්  චීන ජනතාව එක් එක් සිහින දිනා ගනිමින් සිටිනවා.

චීන ජාතිකයින් සැබෑ කළ අභිලාෂ_fororder_微信图片_20210921135214

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන