ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව සිදු කළ විශාලතම උපක්‍රමීය සූදුව
2021-09-20 19:58:22
Share with:

ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව සිදු කළ විශාලතම උපක්‍රමීය සූදුව_fororder_632317c881a893170bb0081b08bb0316

ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සමග අත්සන් තැබූ සැබ්මරීන ගිවිසුම ඒකපාර්ශ්විකව කඩ කර, ඇමරිකාව හා බ්‍රිතාන්‍යය සමග සහයෝගිතා පුළුල් කරමින් එම රටවල් සමග නව ආරක්ෂක සන්ධානයක් ගොඩනගා ඇත. එය ප්‍රංශ ජාතිකයින්ගේ කෝපයට හේතු විය. ඇමරිකාව මත සිය විශ්වාසය තබා ගැනීම, ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව සිදු කළ විශාලතම උපක්‍රමීය සූදුවක් බවත් ඒ සඳහා ඕස්ට්‍රේලියාව සිය බූදලයම පරදුවට තැබූ බවත් සිඩ්නි විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥ James Curran මහතා පෙන්වා දෙයි.

එය ඇත්තටම ඉහළ අවදානමක් ඇති සූදුවකි.

පළමුවෙන්ම ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව අත්සන් කළ සැබ්මැරීන ගිවිසුමට පදනම් වූයේ ප්‍රංශයට පාවා දීම මතය. ප්‍රංශ ජාතිකයින්ගේ වියරුව සමනය වෙන්නේ කෙසේ ද?.

දෙවනුව, කොන්ත්‍රාත්තු ජීවගුණය උල්ලංඝනය කළ ඕස්ට්‍රේලියාව, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ද ආර්ථික වශයෙන් ද දිගු කාලීන අයහපත් බලපෑමකට ලක් විය හැකිය.

තෙවනුව, උපායමාර්ගික හමුදාමය න්‍යෂ්ටික සැබ්මැරීන හඳුන්වා දීමට තැත් කරමින් සිටින ඕස්ට්‍රේලියාව කෙරෙහි අසල්වැසි රටවල් ඇතුළු ජගත් ප්‍රජාව තුළ සැකයක් මතු විය හැකිය. එනම් න්‍යෂ්ටික නිර්ව්‍යාප්තිය පිළිබඳ ගිවිසුම එර‍ට අනුගමනය කරයි ද යන්නය.

සැබවින්ම ඇමරිකාවේ බාල සහෝදරයෙකු හෝ මෙවලමක් හෝ වශයෙන් හැසිරීම තුළින් කිසිදු අනාගතයක් නිර්මාණය කළ නොහැක. අවස්ථාවකදී ඇමරිකානු ජනාධිපතිවරයා විසින් නාමය පවා අමතක කර ‘අර හාදයා’ යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලැබූ ඕස්ට්‍රේලියානු අගමැති Scott Morrison‍, ඇමරිකාවේ සුනඛයෙකු සේ කටයුතු නොකර, සිය රටේ ජනතාවගේ ලැජ්ජාව හා සුබසෙත සැලකිල්ලට ගෙන කොඳු නාරටිය ඇත්තෙකු සේ ස්වාධීන රටක අනන්‍යතාව හා අභිමානය විදහා පෑ යුතු බව, අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන