කෝපයට පත් ප්‍රංශය ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින ප්‍රංශ තානාපතිවරුන් නැවත කැඳවයි
2021-09-18 21:25:40
Share with:

කෝපයට පත් ප්‍රංශය ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින ප්‍රංශ තානාපතිවරුන් නැවත කැඳවයි_fororder_法国

17වැනිදා රාත්‍රී, ප්‍රංශය අසාමාන්‍ය තීරණයක් ප්‍රකාශයට පත් කළේය. ඒ යනු ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින ප්‍රංශ තානාපතිවරුන් නැවත කැඳවීමය. 

ප්‍රංශය මෙම දෙරටේ තානාපතිවරුන් නැවත කැඳවූ පළමු අවස්ථාව මෙයයි.

ප්‍රංශ විදේශ ඇමති Jean-Yves Le Drian මහතා ප්‍රකාශ කළේ, මෙම තීරණය ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි, ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව විසින් 15 වැනිදා ප්‍රකාශයට පත් කළ "සුවිශේෂී බරපතල තත්ත්වයට" ප්‍රතිචාරයක් බවයි.

මෙම "සුවිශේෂී බරපතල තත්ත්වය" වන්නේ, ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව නව ආරක්ෂක සන්ධානයක් පිහිටුවීම නිවේදනය කර තිබීමය.එසේම ප්‍රංශය සමඟ අත්සන් කළ අති විශාල සබ්මැරීන ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුව ඕස්ට්‍රේලියාව ඉරා දමා, ඇමරිකාව සමඟ සහයෝගීතාව ස්ථාපිත කිරීම ආරම්භ කර තිබීමද ඊට හේතුවී ඇත.

මේ පිළිබඳව, තානාපතිවරුන් නැවත කැඳවීම යන උපරිම අවස්ථාවකදී පමණත් භාවිත කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම, ප්‍රංශය ක්‍රියාත්මක කර තිබේ. ප්‍රංශය කෙතරම් කෝපයට පත් වී ඇත්දැයි  ඉන් සිතා ගත හැකි ය.

ඕස්ට්‍රේලියාව ඉරා දැමූ කොන්ත්‍රාත්තුව යනු ඇ.ඩෝ. බිලියන දස  ගණනක් වටිනා සබ්මැරීන ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවකි.  

මෙම කොන්ත්රාත්තුව දිනා ගැනීම සඳහා ප්‍රංශය විශාල උත්සාහයන් හා සාකච්ඡා සිදු කර තිබේ. දැන් ඇමරිකාව මැදිහත් වීමෙන් ප්‍රංශයේ සියලු උත්සාහයන් නිෂ්ඵල විය. ප්‍රංශයේ ආරක්ෂක අංශයට විශාල ආර්ථික පාඩු සිදු වනු ඇත.

ඇමරිකාවට ඇත්තේ සදාකාලික ප්‍රතිලාභ පමණක් වන අතර සැබෑ සගයන් නොමැති බව මෙම කරුණෙන් යළි සනාථ වී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන