චීන යෝජනා ඔස්සේ ශංහයි සහයෝගිතා සංවිධානය නව වර්ධන ගමනක
2021-09-18 19:02:33
Share with:

චීන යෝජනා ඔස්සේ ශංහයි සහයෝගිතා සංවිධානය නව වර්ධන ගමනක_fororder_f44d305ea1af22aff0a952

චීන යෝජනා ඔස්සේ ශංහයි සහයෝගිතා සංවිධානය නව වර්ධන ගමනක් අරඹයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(17) පැවති ශංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායක මණ්ඩලයේ 21 වන සැසියේදී සංවිධානයේ ඉදිරි වර්ධනය පිළිබඳ යෝජනා 5ක් ඉදිරිපත් කරමින් නව ප්‍රධාන පියවර මාලාවක් ප්‍රකාශයට පත් කළේය.

එකමුතුවෙන් සහයෝගිතා පැවැත්වීම, ආරක්ෂාව හා අනතුර පොදුවේ භාර ගැනීම, විවෘත මූල්‍ය ගනුදෙනුකරණය, අන්‍යෝන්‍ය වශයෙන් අධ්‍යයනය කිරීම, සාධාරණ මෙන්ම යුක්තිසහගත මාර්ගයේ ගමන් කිරීම ෂී ජින් පිං මහතාගේ යෝජනා වලට ඇතුළත් ය. එමගින් සංවිධානයේ ඉදිරි වර්ධනය වෙනුවෙන් පැහැදිලි දිශාවක් පෙන්නුම් කෙරෙන අතර කලාපීය හා ගෝලීය ස්ථාවරත්වය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට චීනයේ වගකීම දැරීම ද දැකිය හැකි ය.

වසංගතයට එරෙහිව සටන් කිරීම පිළිබඳව ෂී ජින් පිං මහතා අවධාරණය කළේ එන්නත් සාධාරණ මෙන්ම යුක්තිසහගත වශයෙන් බෙදා හැරීම ප්‍රවර්ධනය කරන බවයි. මෙම වසර තුළ ලෝකයට එන්නත් මාත්‍රා බිලියන 2ක් සැපයීම චීනය කඩිනම් කරනු ඇත. ඉදිරි වසර 5 තුළ ශංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සමග ගනුදෙනු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක් දක්වා වර්ධනය කිරීම ඇතුළු ඉලක්ක චීනය ප්‍රකාශයට කළේය.

ජාත්‍යන්තර කටයුතු ‍විසඳීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියේ අරමුණු හා මූල ධර්මයන්ට අනුව පොදු සාකච්ඡාව, පොදු සංවර්ධනය හා පොදු භාවිතය අනුගමනය කළ යුතු බව ෂී ජින පිං මහතා පැවසීය. ෂී ජින් පිං මහතාගේ දේශනය මගින් සංවිධානය නව වර්ධන ගමනක් ඔස්සේ ඉදිරියට යමින් අඛණ්ඩ ලෝක සාමය හා පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කළ හැකි බව ජගත් ප්‍රජාව විශ්වාසය පළ ක‍ළේය.

ගුවන් විදුලිය
20230529සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන