චීන ජනාධිපතිවරයා ගෙන් ඇෆ්ගනිස්ථානයේ පුනරුත්ථාපනය සහ කලාපීය සාමය හා ස්ථාවරත්වය සඳහා උපාය මාර්ගික වශයෙන් වැදගත් අදහස්
2021-09-18 20:50:14
Share with:

ඊයේ (17) පැවති ශැංහයි සහයෝගිතා සංවිධානයේ හා සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ සාමාජික රටවල නායකයින්ගේ ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වීඩියෝ ආකාරයෙන්‍ දේශනයක් පවත්වමින් ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳව සිය අදහස් දැක්වීය. ඇෆ්ගනිස්ථානයේ පුනරුත්ථාපනය සහ කලාපීය සාමය හා ස්ථාවරත්වය සඳහා එම අදහස් උපාය මාර්ගික වශයෙන් වැදගත් බව විශ්වාස කෙරේ.

ඇෆ්ගනිස්ථානය කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු බව හෙතෙම එහිදී  පෙන්වා දුන්නේ ය. ඇෆ්ගනිස්ථානයේ ප්‍රශ්න විසඳීමේ නිදහස එරට ජනතාවට බාර දීමේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කර තිබේ. කුමන තත්ත්වයක පැවතුණ ද ඇෆ්ගනිස්ථානය ‍හුදකලා නොකළ යුතුය. ඇෆ්ගනිස්ථානයේ විවිධ පාර්ශ්වයන් සමග සම්බන්ධීකරණ පවත්වමින් එරට නව පාලනය වඩාත් විවෘත, ස්ථාවර හා නම්‍යශීලි ආකාරයෙන් පවත්වාගෙන යාමට ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් කටයුතු කළ යුතු බව චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් අවධාරණය කළේ ය. එසේ කිරීමෙන් පමණක් ඇෆ්ගනිස්ථානයට යළි ජගත් ප්‍රජාවට එක් විය හැකි වනු ඇතැයි හෙතෙම පැවසීය. ඇෆ්ගනිස්ථාන ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතාවන් සමනය කිරීම වෙනුවෙන් වගකීම් සහගත ව කටයුතු කරන ලෙස චීන ජනාධිපතිවරයා විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් ද කළේ ය. ඇෆ්ගනිස්ථානයට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 30ක් සහ චීන යුවාන් කෝටි 20ක පමණ වටිනාකමින් යුත් සහනාධාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව හෙතෙම ප්‍රකාශ කළේ ය.

ඇෆ්ගනිස්ථානය වර්තමානයේ පත්ව ඇති තත්ත්වයට ඇමරිකාව සහ සන්ධාන රටවල් වග කිව යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. මෙවන් තීරණාත්මක කාලයක එම රටවල් දැරිය යුතු වගකීම් ඉටු කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන