ප්‍රංශයෙන් පසු ඇමරිකාව විසින් බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව පාවා දීමට අවස්ථා තිබේ
2021-09-17 20:01:55
Share with:

ප්‍රංශයෙන් පසු ඇමරිකාව විසින් බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව පාවා දීමට අවස්ථා තිබේ_fororder_8694a4c27d1ed21b4be2f7f92cf8fccd51da3f26

ඇමරිකාව සමග the Chesapeake සටනේ 240 වන සංවත්සරය අද(17) සැමරීම‍ට ප්‍රංශය කලින් සැලසුම් තිබිණ. එහෙත් පසුගිය 15 වනදා ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව ඉන්දු-පැසිෆික් ආරක්ෂක සන්ධානය ස්ථාපිත කිරීම ප්‍රකාශයට කළේය. එමෙන්ම චීනයට එරෙහිව න්‍යෂ්ටික සබ්මැරීන තාක්ෂණය බෙදා ගැනීම හා නිෂ්පාදන ගිවිසුමට එම පාර්ශව  3 අත්සන් තැබීය. ඒ හේතුවෙන් ප්‍රංශය හා ඔස්ට්‍රේලියාව අත්සන් තැබූ සබ්මැරින සම්බන්ධ විශාල ගිවිසුම අවලංගු භාවයට පත්වේ. ඉන් ප්‍රකෝපයට ලක් වූ ප්‍රංශය එම සැමරුම් උත්සවය අවලංගු කළේය.

වසර 240ට පෙර සිදු වූ the Chesapeake සටන, ඇමරිකා ස්වාධීනත්ව සටනේ වැදගත් අවස්ථාවකි. ප්‍රංශ හමුදාවේ සහාය සමග ඇමරිකා ප්‍රංශ ඒකාබද්ධ හමුදාව අවසාන ජයග්‍රහණය ලබා ගනිමින් ඇමරිකාවට ස්වාධීනත්වය හිමිවිය. එහෙත් වර්තමාන‍යේ ඉතා දිගු කාලීන හිතවාදී රටක් වන ප්‍රංශය ඇමරිකාව විසින් දෙවරක් නොසිතා ක්ෂණිකව පාවා දුන්නේය. දිගුකාලීනව යුරොපා නායකයන්ගේ දුරකථන සංවාදවලට රහසේ සවන්දීම, යුරෝපයට අයත් වසංගතයට එරෙහිව ද්‍රව්‍ය ප්‍රවේශයට බාධා කිරීම, ඇෆ්ගනිස්ථානයෙන් හමුදාව ඉවත් කිරීමේදී හිතවාදී රටවල් වෙත අවධානය යොමු නොකිරීම ඇතුළු ඇමරිකාව සිදු කළ ක්‍රියාවන් ඔස්සේ හිතවාදී රටවලට විශාල හානි සිදුව ඇත. ඇමරිකාවට ප්‍රමුඛ ස්ථානය යන සංකල්පය යටතේ හිතවාදී රටවල් සිය දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීමේ උපකරණ ලෙස සැලකීම පමණක් ඇමරිකාව අනුගමනය කරයි .

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන