චීනය, ගෝලීය ආර්ථික වර්ධනයේ "අද්විතීය කුළුණ" ලෙස පවතී
2021-09-16 09:18:03
Share with:

චීනය, ගෝලීය ආර්ථික වර්ධනයේ "අද්විතීය කුළුණ" ලෙස පවතී_fororder_《国际锐评》中国仍是全球经济增长的“独特支柱”

චීනය, ගෝලීය ආර්ථික වර්ධනයේ "අද්විතීය කුළුණ" ලෙස පවතී

චීනයේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් සංවර්ධනයේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කෙරෙන බව චීනය ඊයේ (15 ) නිකුත් කළ ජාතික ආර්ථික දත්තවලින් පෙන්නුම් කෙරේ. ඒ අතරම, ආර්ථික ව්‍යුහය වෙනස් කිරීම හා වැඩිදියුණු කිරීම සහ නවෝත්පාදන ජීව ශක්තිය අඛණ්ඩව මුදා හැරීමත් සමඟ චීනයේ ආර්ථික ප්‍රතිසාධනයට හිතකර සාධක අඛණ්ඩව එකතු වෙමින් චීනයේ ආර්ථිකය සුමටව ඉදිරියට යාම ප්‍රවර්ධනය කරයි.

සාර්ව ප්‍රතිපත්ති ලාභාංශ අඛණ්ඩව මුදා හැරීම සහ ව්‍යාපාරික පරිසරය අඛණ්ඩව වැඩිදියුණු කිරීම හේතුවෙන් චීනයේ වෙළෙඳපොළ නවෝත්පාදන විෂයයන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයන් යනු චීනයේ ආර්ථිකයට ස්ථාවර සංවර්‍ධන ශක්තිය ලබා දෙන නිමක් නැති "එන්ජිමක්" වැනිය.

ආයතනික කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීමත් සමඟම, සැබෑ ආර්ථිකයේ දියුණුවට ආධාරක වන චීනයේ ප්‍රතිපත්ති අඛණ්ඩව ප්‍රතිඵල පෙන්නුම් කරන අතර ආයෝජනයේ ජීව ගුණය තවමත් ඉහළ යමින් පවතී.

කොරොනා වසංගතය යටතේ චීනයේ විවෘතභාවය ව්‍යාප්ත වීම ලෝක ආර්ථිකය සාර්ථකව ඉහළ නැංවීමට හේතුවී තිබේ. අගෝස්තු මාසයේදී චීනයේ සමස්ථ විදේශ වෙළඳාම එම කාලය තුළ වාර්තාගත ඉහළ අගයක් වාර්තා කළ අතර ආනයන හා අපනයන යන දෙකෙහිම වර්ධනය වෙළඳපොල අපේක්ෂාවන් ඉක්මවා ගියේය. විවෘත කිරීමේ මට්ටම දිගින් දිගටම පුළුල් කරන චීනය විදේශ ආයෝජන සඳහා උණුසුම් ස්ථානයක් බවට පත්වෙමින් තිබේ.

ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳන විට, නව කොරොනා වසංගතයේ බලපෑමට ප්‍රතිචාර දැක්වීමේදී චීනයේ ආර්ථිකය ශක්තිමත් ලෙස ක්‍රියා කර ඇති අතර ගෝලීය ආර්ථික වර්‍ධනය මෙහෙයවන "අද්විතීය කුළුණක්" බවට පත්ව ඇතැයි ලොව විශාලතම වත්කම් කළමනාකරණ කණ්ඩායමක් වන Black Rock විසින් නිකුත් කළ 2021 දී ගෝලීය ආයෝජන දැක්ම මගින් පෙන්නුම් කොට තිබේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන