චීන ජනාධිපතිවරයාගේ ෂැන්සි පළාතේ යු ලින් නගරයේ නිරීක්ෂණ
2021-09-15 11:04:41
Share with:

චීන ජනාධිපතිවරයාගේ ෂැන්සි පළාතේ යු ලින් නගරයේ නිරීක්ෂණ_fororder_W020210914474863105096

පසුගිය 13 වන දින චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ෂැන්සි පළාතේ යු ලින් නගරයට පැමිණියා. එහිදී චීන ජාතික බලශක්ති සමූහයට අයත් සීමාසහිත යූලින් රසායනික කර්මාන්ත සමාගමේ, ගෝ සී ගෞ ගම්මානයේ සහ යැංජියාගෝ විප්ලවීය අඩවිය ජනාධිපතිවරයා නිරීක්‍ෂණය කළා.

මෙවර සංචාරයේ පළමු නැවතුම වශයෙන් ෂී ජින් පිං මහතා 13 වන දින පෙරවරුවේ චීන ජාතික බලශක්ති සමූහයට අයත් සීමාසහිත යූලින් රසායනික කර්මාන්ත සමාගමට ළඟා වුණා. එහිදී හෙතෙම අවබෝධ කරගනු ලැබුවේ චක්‍රීය ආර්ථිකයට අවශ්‍ය ගල් අඟුරු සංයෝගාත්මකව ප්‍රයෝජනයට ගැනීමේ ව්‍යාපෘති ඉදිකිරීම් ගැනයි. බලශක්ති කර්මාන්තය අඛණ්ඩව දියුණු විය යුතු අතර එසේ නොවුවහොත්, රටේ නවීකරණයට දායක වීමට එය ප්‍රමාණවත් නොවන බව ෂී ජින් පිං මහතා අවධාරණය කළා. ගල් අඟුරු බලශක්ති වර්‍ධනය වැඩිදියුණු කළ යුතු අතර හරිත හා අඩු කාබන් සංවර්ධන මාවත ඔස්සේ ගමන් කළ යුතුයි. වසර 2030 ට පෙර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය තවදුරටත් වැඩි නොවීම සහ "කාබන් ඩයොක්සයිඩ් උදාසීනත්වය" යන ඉලක්ක සාක්ෂාත් කිරීමට හිතකර මෙම පියවර මානවයාගේ පොදු ඉරණම සහිත ප්‍රජාව ගොඩනැගීමේ අවශ්‍යතා සපුරාලීමට ගැලපෙන බව හෙතෙම පෙන්වා දුන්නා.

චීන ජනාධිපතිවරයාගේ ෂැන්සි පළාතේ යු ලින් නගරයේ නිරීක්ෂණ_fororder_W020210914474863160749

ෂැන්සි පළාතේ උතුරු ප්‍රදේශයේ රැලි සහිත කඳුකර කලාපයේ පිහිටි ගෝ සී ගෞ ගම්මානය ඉතිහාසයේ දී පාංශු ඛාදනය නිසා නිසරු වුණා. එහෙත් 1950 දශකයේ සිටම එහි වැසියන් කඳුකරය සකස් කරමින් ජලය පාලනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. අද වන විට, බිඳුණු භූගෝලීය තත්ත්වක පවතින, නිසරු වූ මෙම ගම්මානය පොහොසත් හා සාරවත් ස්ථානයක් බවට පත් ව තිබෙනවා. මෙම ගම්මානය තමයි ෂී ජින් පිං මහතාගේ මෙවර සංචාරයේ දෙවන නැවතුම. හෙතෙම බෝග වල වර්‍ධනය නිරීක්ෂණය කිරීම සඳහා කෙත්වලට ඇවිද ගියා. එපමණක් නොව හෙතෙම එහි වැසියන් සමග සුහද සාකච්ඡාවල නිරත වුණා.

චීන ජනාධිපතිවරයාගේ ෂැන්සි පළාතේ යු ලින් නගරයේ නිරීක්ෂණ_fororder_W020210914474863206007

එදිනම ෂී ජින් පිං මහතා යැංජියාගෝ විප්ලවීය අඩවියට පැමිණ එහි වර්ධන තත්වය ගැන දැන ගත්තා.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන