ඊනියා ලෙස අටවා ගත් උසාවියකට චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ සංවර්ධනය හා සමෘද්ධිය වැළැක්විය නොහැක
2021-09-14 21:03:51
Share with:

ඊ‍යේ (13) ඊනියා "උයිගුර් විශේෂ උසාවියේ" 2වන නඩු විභාගය බ්‍රිතාන්‍යයේ දී අවසන් විය. මෙම උසාවිය ඇපකරයෙන් සීමා වූ පෞද්ගලික සමාගමක ආකාරයෙන් බ්‍රිතාන්‍යයේ පිහිටුවන ලද රාජ්‍ය නොවන සංවිධානයකි. එහි ක්‍රියාකාරීත්වය සඳහා වන මුදල් ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින චීන විරෝධී සංවිධානයක් වන "ලෝක උයිගුර් කමිටුව " මගිනි. "ලෝක උයිගුර් කමිටුව " ස්ථාපිත වූ දින සිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළ ETIM  එනම් නැගෙනහිර තුර්කිස්ථාන් ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධ කමිටුවකි. එමෙන් ම  "ලෝක උයිගුර් කමිටුවට " ඇමරිකානු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අරමුදලෙන් මූල්‍ය සහය ලැබී ඇත. 2016 වසරේ සිට මේ දක්වා චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් ඇමරිකානු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අරමුදල "ලෝක උයිගුර් කමිටුවට" වඩාත් මූල්‍යමය ආධාර ලබා දී ඇතැයි ඇමරිකානු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අරමුදලේ නිල වෙබ් අඩවියේ දත්තවලින් හෙළි වී තිබේ. මෙම පසුබිම් තොරතුරු දෙස බලන විට "උයිගුර් විශේෂ උසාවිය" කිසිදු ජාත්‍යන්තර නීතිමය අධිකාරිය නොමැති උසාවියක් බව ඉතා පැහැදිලි ය. එය චීනයට එරෙහිව විශේෂයෙන් ස්ථාපිත කරන ලද ඊනියා උසාවියකි.

වසර 1990ත්  2016ත් අතර කාලයේ චීනයේ ෂින්ජ්‍යං ස්වායත්තයේ ත්‍රස්තවාදීන් ප්‍රචණ්ඩ හා ත්‍රස්ත ප්‍රහාර දහස් ගණනක් සිදු කර ඇත. ඉන් විශාල ජීවිත හා දේපළ හානි සිදු විය. උයිගුර් ජාතිකයන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව වෙනුවෙන් චීන රජය ෂින්ජ්‍යං ස්වායත්තයේ ප්‍රබල ත්‍රස්ත මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් විශාල ජයග්‍රහණයක් අත්කර ගෙන තිබිණ. මේ වන විට එහි කිසිඳු ත්‍රස්ත ප්‍රහාරයක්  වාර්තා වී නොමැති අතර එහි ආර්ථික හා සමාජීය වර්ධනයක් දක්නට ලැබේ. ෂින් ජ්‍යංහි මානව හිමිකම් ද පෙර නොවූ විරූ අන්දමින් සහතික වී ඇත.

"උයිගුර් විශේෂ උසාවිය" ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල චීන විරෝධි බලවේගවල නිර්මාණය කි. මෙම ඊනියා උසාවිය කෙතරම් නඩු විභාග පැවැත්වුව ද චීනයේ ජින්ජ්‍ය ස්වායත්තයේ සංවර්ධනය හා සමෘද්ධිය වැළැක්විය නොහැකි ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන