සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයෙන් ප්‍රතිලාභ රැසක්
2021-09-08 11:17:10
Share with:

සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයෙන් ප්‍රතිලාභ රැසක්_fororder_QQ图片20210908105214

දින 6 ක් පුරා පැවති 2021 චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය ඊයේ(7) බෙයිජිංහිදී අවසන් විය. මූලික සංඛ්‍යාලේඛනවලට අනුව, ඊයේ(7) පස්වරුවේ 4 වන විට, මෙවර ප්‍රදර්ශනයේ විවිධ ප්‍රතිඵල 1672 ක් ලබා ඇති අතර, සමස්ත ප්‍රතිඵල හා ගනුදෙනු ප්‍රමාණය පසුගිය ප්‍රදර්ශනයට වඩා ඉක්මවා ගොස් ඇත.

ගෝලීය සේවා කර්මාන්ත වෙළඳ ක්ෂේත්‍රයේ ඇති විශාලතම පරිමාණ ප්‍රදර්ශනය ලෙස සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය ගෝලීය ව්‍යාපාර සඳහා වටිනා සංවර්ධනීය අවස්ථා ලබා දී තිබේ. මෙවර ප්‍රදර්ශනයේදී ඩිජිටල් සේවා, සංස්කෘතික හා සංචාරක, අධ්‍යාපන, මූල්‍ය, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව යනාදී ක්ෂේත්‍රවල සේවා වෙළඳාම සිය ආකර්ෂණීය බව සහ පුළුල් ඉදිරි දර්ශන පෙන්නුම් කළේය.

සංවර්ධනය වෙමින් පවතින රටවලට වාණිජ අවස්ථා සෙවීමට සහාය වීමටත් ගෝලීය ආර්ථික ප්‍රකෘතිමත් වීමේහි අසමබරතාව සමනය කිරීමටත් මෙවර ප්‍රදර්ශනය කැපවී සිටී. ප්‍රදර්ශනයට පිලිපීනය, එස්ටෝනියාව සහ කාම්බෝජය යනාදී බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ව්‍යවසායකයෝ සහභාගී වූහ.

මෙවර ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදී, සේවා කර්මාන්ත වෙළඳාමේ සංවර්ධනීය අවස්ථා පොදුවේ භාවිත කොට ලෝක ආර්ථික පුනර්ජීවනය හා වර්ධනය සඳහා සහයෝගතා පියවර හතරක් ප්‍රකාශ කිරීමෙන්, චීනය විවෘතභාවය පුළුල් කිරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමේ සංඥා නිකුත් කෙරිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන