චීනය සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කරන බව චීන ජනපති පවසයි
2021-09-04 17:11:03
Share with:

වර්තමානයේ නව කොරොනා වසංගතය තවමත් අස්ථායී මට්ටමක පවතින අතර ලෝක ආර්ථික ප්‍රතිසාධනය විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් පවතින බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 3 වැනිදා හයවන පෙරදිග ආර්ථික සමුළුවේ සමාරම්භක උත්සවයේදී වීඩියෝ ආකාරයෙන් දේශනයක් කරමින් පැවසීය. මේ වන විට, ඊසාන ආසියාවේ කලාපීය සහයෝගිතාව බරපතල අභියෝගයන්ටත් වැදගත් අවස්ථාවන්ටත් මුහුණ දෙමින් සිටී. විවිධ පාර්ශ්වයින් අත්වැල් බැඳගෙන දුෂ්කරතා ජය ගෙන පොදු සංවර්ධනය ඉටු කළ යුතු බව ද හෙතෙම කියා සිටියේය.

මෙම වසර චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 100වැනි සංවත්සර වසරයි. චීනය නව ගමනක් ආරම්භ කර තිබේ. විවිධ පාර්ශ්ව සමඟ සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් සහයෝගයෙන් පොදු ඉරණම සහිත ප්‍රජාව ගොඩනැගීම වෙනුවෙන් කැපවීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන