වෛරසය පිළිබඳ ඇමරිකාව පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න රැසක්
2021-09-04 19:13:07
Share with:

වෛරසය පිළිබඳ ඇමරිකාව පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න රැසක්_fororder_314e251f95cad1c8128e0c3a33739401c93d5148

ඇමරිකානු බුද්ධි අංශ නිකුත් කළ ඊනියා කොරොනා වෛරසයේ සම්භවය සෙවීමේ පරීක්ෂණ වාර්තාව පැහැදිලි නිගමනයකට පැමිණ නොමැති වුවද ඊට හේතුව චීනය තොරතුරු බෙදා ගැනීම ප්‍රතික්ෂේප කළ බව පවසා ඇත. එහෙත් එම ‘දෝෂාරෝපණය’ චීනයට නොව ඇමරිකාවට නම් සුදුසුය.

වසංගත තත්ත්වයක් මතුවූ වහාම චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට ඒ පිළිබඳ ව වාර්තා කළේය. වෛරසයේ අනුක්‍රමික ජාන තොරතුරු පර්යේෂණයෙන් ලබා ගත් වහාම, චීනය එම තොරතුරු ලෝකය සමග බෙදා ගත්තේය. වසංගත පාලනය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගතාව ද සිදු කෙරුණේ ඉතා කාලෝචිත ලෙසය. වසංගතය මතු වීම හා වර්ධනය වීම, එය පාලනය කිරීම සම්බන්ධයෙන් චීනය පැහැදිලිව තොරතුරු ප්‍රසිද්ධ කර ඇත. ඒ සඳහා සවිස්තර දත්ත පරිශීලනය කළ හැකිය. චීනය විනිවිද නොවන සේ කටයුතු කිරීම පිළිබඳව නැගූ අභූත චෝදනා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදාල නිලධාරීන්ගේ දැඩි ප්‍රතික්ෂේප කිරීමට ලක් විය.

මේ අතර චීනය පවත්නා වෛරසයේ සම්භවය සෙවීමේ පර්යේෂණ කටයුතු තුළ කැපී පෙනෙන ජාත්‍යන්තරකරණයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයකි. විවිධ රටවල විද්‍යාඥින් සමග චීනය සහයෝගතා පවත්වයි. පසුගිය අගෝස්තු මාසය වන විට චීනය බ්‍රිතාත්‍යය, ඇමරිකාව ඇතුළු රටවල  විද්‍යාඥ කණ්ඩායම් සමග ඒකාබද්ධව වෛරසයේ මූලාශ්‍රය සෙවීම තේමා කර ගන්නා නිබන්ධන 241ක් නිකුත් කර තිබේ. චීනයේ දේශීය පර්යේෂණ කණ්ඩායම් පර්යේෂණ නිබන්ධන 395ක් පළ කර ඇත.

වෛරසයේ සම්භවය සෙවීම විද්‍යාත්මක ප්‍රශ්නයකි. ගෝලීය පරාසයක් තුළ බහු රටවල ඊළඟ අදාළ පර්යේෂණය සිදු කළ යුතු අතර විවිධ පාර්ශ්වයන් ඒ සඳහා සක්‍රීයව සහයෝගය ලබා දිය යුතුය. එහෙත්, කොරොනා වසංගතයෙන් වැඩිම ආසාදිතයින් හා වැඩිම මරණය වාර්තා වූ ඇමරිකාව, සිය වසංගතයේ මුල් කාලයේ දත්ත නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ අතර වෛරසයේ සම්භවය සෙවීම පිළිබඳ පරීක්ෂණය තම රට තුළ පවත්වන ලෙස ජගත් ප්‍රජාව සිදු කළ ඉල්ලුම ද වරින් වර ප්‍රතික්ෂේප කර ඇත. එය, සැක සහිත කාරණාවකි.

ඇමරිකාව සිය මූලික රෝගීන්ගේ දත්ත ප්‍රසිද්ධ කරන්නේ කවදා ද? ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකාවේදී වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ පරීක්ෂණය කිරීමට ආරාධනා කරන්නේ කවදාද?  Fort Detrick ජෛව විද්‍යාගාරය හා උතුරු Carolina විශ්ව විද්‍යාලයේ ජෛව පරීක්ෂණාගාරය ජගත් විමසුමට විවෘත කරන්නේ කවදා ද? ඇමරිකාව, ලෝක වාසීන්ට පිළිතුරු දීමට බැඳී සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන