සේවා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට චීනයෙන් නව පියවර මාලාවක්
2021-09-03 19:14:33
Share with:

සේවා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට චීනයෙන් නව පියවර මාලාවක්_fororder_551273d6de00144baad95febc4b7e3e1

චීනය සේවා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ නව පියවර මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(2) පැවති වසර 2021 චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයේ ගෝලීය සේවා කර්මාන්ත වෙළඳ ප්‍රධානීන්ගේ සමුළුවට වීඩියෝ  ආකාරයෙන් එක් වෙමින් දේශනයක් සිදු කරමිනි. රටේ විවෘතභාවය අඛණ්ඩව පුළුල් කිරීමේ පැහැදිලි සංඥාවක් ලෙසට එය සැලකිය හැකිය.

ලෝකයේ දෙවැනි විශාලතම සේවා කර්මාන්ත වෙළඳ රට වශයෙන් චීනය පවත්වන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය විවෘතභාවය පුළුල් කිරීමේ වැදගත් කවුළුවක් පමණක් නොව, එය ලෝකයට චීනයේ සේවා කර්මාන්ත වෙළඳපොල බෙදා ගැනීමේ වැදගත් වේදිකාවක් ද වේ.

විවෘතභාවය පුළුල් කිරීම, සහයෝගතා අවකාශ ව්‍යාප්ත කිරීම, සේවා කර්මාන්තයේ රෙගුලාසි හා ප්‍රමිති සංවර්ධනය ශක්තිමත් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල නිර්මාණශීලිත්ව සංවර්ධනයට අනුබල දැක්වීම චීනය මෙවර සමුළුවෙන් ඉදිරිපත් කළ පියවරයන්ට ඇතුළත් වේ. ගෝලීය වසංගතයේ අස්ථිර තත්ත්වය හා ලෝක ආර්ථිකයේ දුර්වල පුනර්ජීවනය යන පසුබිමක් යටතේ, චීනය සිය සේවා කර්මාන්තයේ විවෘතභාවය ස්ථිර ලෙස පුළුල් කිරීම ගෝලීය වෙළඳ පුනරුත්ථාපනය වීමටත් ලෝක ආර්ථික වර්ධන අවශ්‍යතාවටත් කේන්ද්‍රීය බලයක් ගෙන දෙනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙවර චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයට රටවල් හා ප්‍රදේශ 153ක ව්‍යාපාර දස දහසක් පමණ මාර්ගගත හෝ ඍජු ලෙස සහභාගී ව තිබේ. ඍජුව එක් වන ව්‍යාපාර සංඛ්‍යාව පසුගිය වතාවට වඩා සියයට 6කින් වැඩි විය. ලෝක බලවත් ව්‍යාපාර පන්සීයය හෝ කර්මාන්ත ප්‍රමුඛ ව්‍යාපාර ගන්නා අනුපාතය සියයට 18කි. පසුගිය වතාවට වඩා එය සියයට 9ක වර්ධනයකි. වෙළඳ ආරක්ෂණවාදය හා ඒකපාර්ශ්වවාදයට කිසිදු පිළි ගැනීමක් නොමැති බව මෙවර සමුළුවෙන් විදහා පෑ ඉහල ජනප්‍රියත්වයෙන් ඔප්පු වී තිබේ. ලෝක ආර්ථිකය, ජගත් වෙළඳාම හා ආයෝජනය මුහුණ දෙන ගැටළුව සඳහා වන එකම ස්වර්ණමය විසඳුම සාමය, සංවර්ධනය, සහයෝගතාව හා පොදු ජයග්‍රහණයන්හි  එල්බ සිටීම බව පෙන්වා දිය යුතුය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන