කොරොනා වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ ජාත්‍යන්තර පරීක්ෂණයට බාධා කළේ කවුරුන් ද?
2021-09-03 19:06:46
Share with:

කොරොනා වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ ජාත්‍යන්තර පරීක්ෂණයට බාධා කළේ කවුරුන් ද?_fororder_a196c4412a6bcb5e73bcba94094949cb

ඇමරිකානු බුද්ධි අංශ මෑතකදී ඊනියා කොරොනා වසංගතයේ මූලාශ්‍ර සෙවීමේ පරීක්ෂණ වාර්තාවක් ගොනු කරමින් චීනය ජාත්‍යන්තර පරීක්ෂණයට බාධා කරන බවට අපවාද කිරීමට තැත් කළේ ය. එය පුහුල් හොරා ‍කරෙන් දැනේ වැනිය.

වසංගතය මතු වීමෙන් පසු චීනය වෛරසයේ මූලාශ්‍රය සෙවීම සඳහා පැවැත්වෙන ගෝලීය විද්‍යාත්මක සහයෝගතාවට උපරිම අනුබලයක් දක්වා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරුන්ට චීනයේ අදාල පර්යේෂණ සිදු කිරීමට දෙවරක් ආරාධනා කළේය. විවෘත, විනිවිද හා පූර්ණ පරීක්ෂණය හා පර්යේෂණය මත ලෝක සෞඛ්‍ය සංවිධාන-චීන ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායමේ පරීක්ෂණ වාර්තාව පසුගිය මාර්තු මාසයේ නිකුත් කෙරිණ. වෛරසය චීන පරීක්ෂණාගාරයකින් කාන්දු වීම එමගින් ප්‍රතික්ෂේප කෙරුණු අතර එම නිගමනය ජාත්‍යන්තර විද්‍යා කවයේ පුළුල් පිළි ගැනීමට ලක් විය. මේ අතර, ඇමරිකාවේ කල් ක්‍රියාව කෙසේ ද? එර‍ට ඇතැම් දේශපාලනඥයින් ලෝක සෞඛ්‍ය සංවිධානයට තර්ජනය කරමින් විද්‍යාඥයින්ට පීඩනය එල්ල කරමින් වෛරසයේ මූලාශය සෙවීම දේශපාලනීකරණයට දැඩි ලෙස උත්සාහ දරමින් සිටියි. ඒ අතරම, වෛරසයේ ‍මූලාශ්‍රය සෙවීම ඇමරිකාවේ සිදු කිරීමේ ‘දොරටුව’ ස්ථිරව වසා දමා තිබේ. ජාත්‍යන්තර පරීක්ෂණයට බාධා කළේ කවුරුන් ද  යන්න ඉතා පැහැදිලිය.

වෛරසයේ සම්භවය සෙවීම හෝ වේවා වසංගත පාලනය හෝ වේවා, සම්බන්ධයෙන් ඇමරිකාව දැක්වූ වගකීම් විරහිත හා සහයෝගතාවෙන් වැළකීමේ ආකල්පය තුළින්, ඇමරිකානු දාමරිකවාදයේ අන්ත ආත්මාර්ථකාමීත්වය හා උදාසීනබව අනාවරණය විය. ඇමරිකානු දේශපාලනඥයින් ජගත් ප්‍රජාවේ සාධාරණ ඉල්ලීම්වලට නිවැරදිව ඇහුම්කන් දෙමින් විද්‍යාත්මකව වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ මාර්ගයට පැමිණ ජාත්‍යන්තර පරීක්ෂණයට සහයෝගය දැක්විය යුතුය. ඇමරිකාව ලෝක ජනතාවට පැහැදිලි කිරීමක් සැපයීමට සැමවිටම ණයගැතිය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන