ඕනෑම කණ්ඩායමක හෝ රටක බලය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට විතැන් වීමේ දී පැරණි බල අධිකාරිය එයට විරෝධය දැක්වීම විවිධ තත්ත්වයන්‍ට බලපා ඇතැයි නෙත් එෆ් එම් ගුවන්විදුලියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශ්‍රී ලංකා චීන තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ උප සභාපති මාධ්‍යවේදී නුවන් ලියනගේ මහතා පවසයි. දැනට සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින ලෝක බලවතා චීනයයි. චීනයට එල්ල කරන චෝදනාවන් ද ඊට සම්බන්ධ බව චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම පැවසීය. චීනයේ රාජ්‍ය විනය බොහෝ දේ ජයගැනීමට සමත්වී ඇත. ආපදා තත්වයක් තුළ එය ජයගැනීමට චීනයට හැකියාවක් ඇතැයි ද හෙතෙම කීය. කොරොනා වෛරස අවස්ථාවේදීත් චීනය ඊට මනා ලෙස මුහුණ දෙමින් සිටී. ලෝකය විටින් විට ස්වභාවිකව පැමිණි ව්‍යසනයන් දක්නට ලැබේ. එහෙත් මෙවර මෙම තත්වය කිසියම් කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද්දක් බව තම හැඟීම යැයි ද හෙතෙම කීය. සමාජ මාධ්‍ය පවා චීනයට එරෙහි ඇමරිකාවේ නිර්මාණයන් යැයිද නුවන් ලියනගේ මහතා කියා සිටී. ඒවායේ ප්‍රචාරය වන දේ හරහා එය වටහාගත හැකිය. චීනය කිසිම විටෙක හිතා මතා එල්ල වූ චෝදනා පිළිනොගන්නා බව හැඟී යන්නේ යැයි ද හෙතෙම කීය. මේ අවස්ථාවේ සමස්ත මානව සංහතියම මුහුණ දී ඇති ව්‍යසනයෙන් බේරා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එපමණක් නොව ඉදිරියේදී මුහුණ දීමට අවශ්‍ය පරිදි හැඩගැසීමට චීනය සවිඥානික යැයි ද නුවන් ලියනගේ මහතා කීය.