දේශපාලන විකට නාට්‍යය ‍රඟ දක්වන ඇමරිකාව
2021-09-01 19:39:31
Share with:

දේශපාලන විකට නාට්‍යය ‍රඟ දක්වන ඇමරිකාව_fororder_3cda78aa32e890d34ca3f58e4afc7326

මාස තුනක් පුරා ඊනියා ‘නව කොරොනා වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ පරීක්ෂණය’ අවසන් කිරීමෙන් පසු ඇමරිකානු ඔත්තු සේවා අංශ, එම පරීක්ෂණ වාර්තාවේ සාරාංශය ප්‍රසිද්ධ කළේය. ‘මේබී’ ‘පොසිබල්’ යන වචන තැන්තැන්වල ලියා ඇති එම වාර්තාව, බාහිර ලෝකය විසින් කසල කඩදාසියක් ලෙස උපහාස කරමින් හඳුන්වා දෙමින් සිටී. එම වාර්තාව ‍දේශපාලන නිෂ්පාදිතයක් බව නිසැකය. එහි විද්‍යාත්මක ස්වභාවය හා විශ්වසනීයත්වය, බිංදුවය. ඒ හේතුවෙන් නියමිත නිගමනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම ද අනපේක්ෂිත දෙයක් නොවේ. එය මුල සිටම දේශපාලන විකට නාට්‍යයකි.

වෛරසයේ මූලාශ්‍රය සෙවීම පිළිබඳව ඇමරිකානු දේශපාලනඥයින් තුළ හැකියාවක් මෙන් කැමැත්තක් ද නොමැති බව පැහැදිලිය. ඔවුන් අඛණ්ඩව එමගින් දේශපාලන විකට නාට්‍යයක් අධ්‍යක්ෂණය කර ඇත්තේ සිය වසංගත පාලන පරාජයේ වගකීමෙන් බැහැර වෙමින් සිය වසංගත තත්ත්වය කෙරේ බාහිර ලෝකය මතු කළ සැකය මගහරිමින් චීනයට අපහාස කිරීම හා මර්දනය කිරීම සඳහාය. මෙය කුමන්ත්‍රණයක් නොවන්නේ කෙසේ ද?

දැනට ඇමරිකානු රජය වසංගත පාලන පරාජය හේතුවෙන් විශාල ‍ජන අප්‍රසාදයකට මුහුණ දී සිටියි.  අගෝස්තු මාසයේ එරට නව වසංගත රැල්ලක් මතු විය. දිනකට අලුත් ආසාදිතයින් දෙලක්ෂයක් වාර්තා වන තරමට බරපතල තත්ත්වයක් ද ඇති විය. ලෝකයේ හොඳම වෛද්‍ය පහසුකම් ඇති ඇමරිකාව වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යා වාර්තා වන රට බවට පත් වූයේ කවරක් නිසා ද? ඇමරිකානු ජනතාවට එරට රජය පැහැදිලි කිරීමක් සැපයීමට ණයගැතිය.

මේ අතර ආර්ථික පීඩනය සමනය කිරීමේ අරමුණෙන් ඇමරිකාව සිය මුදල් මුද්‍රණ යන්ත්‍ර උපරිම අන්දමට ක්‍රියා කළ අතර බැරෑරුම් උද්ධමන ගැටළුවකට මුහුණ දී ඇත. ඇෆ්ගනිස්ථානයෙන් හදිසි හමුදා ඉවත් කිරීම හා එරටේ විඳි පරාජය ද පුළුල් විවේචනයට ලක් විය. ප්‍රධාන ‍දේශපාලන පක්ෂ දෙක අතර අරගල තවදුරටත් උග්‍ර විය. මෙවන් පීඩන රැසකට පාත්‍ර වූ ඇමරිකානු රජයට නම් බිල්ලක් සෙවීම හදිසියකි. චීනය අවාසනාවන්ත ව යළි වරක් එහි ඉලක්කය වී තිබේ. බ්‍රසීල  Rio de Janeiro ජනපද විශ්ව විද්‍යාලයේ මහාචාර්ය  Ellias Jabour මහතා පැවසූ අන්දමට, එය රට ගොඩනැගීමේ සිටම ඇමරිකාවේ නිත්‍ය පුරුද්දකි. එනම්, දේශීය පීඩනය ලිහිල් කිරීමට බාහිර සතුරෙකු ඇති කොට වගකීම් එම සතුරාට පවරා දීමය. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන