ඇෆ්ගනිස්ථනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ වැඩි ම ලකුණු ලබා ගත් ශිෂ්‍යාව: "මගේ එකම අරමුණ රටට දායකත්වය ලබා දීමයි"
2021-09-01 19:35:56
Share with:

ඇෆ්ගනිස්ථනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ වැඩි ම ලකුණු ලබා ගත් ශිෂ්‍යාව:  “මගේ එකම අරමුණ රටට දායකත්වය ලබා දීමයි ”_fororder_1

"තම රටට දායකත්වය ලබා දෙන්න කැමතියි" කියලා මේ අවුරුද්දේ ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ වැඩි ම ලකුණු ලබා ගත්ත Salgy Baran ශිෂ්‍යාව පසුගියදා චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා.

ඇය වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්න බලාපොරොත්තු වන අතර අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසුව මව් රටට දායකත්වය ලබා දෙන්න කැමැත්තෙන් ඉන්නවා.

ඇයගේ පවුලේ දරුවන් 11 දෙනෙක් ඉන්නවා. ඇය 10 වැනි දරුවා. මුළු පවුල ඇයගේ අධ්‍යාපන සිහිනයට අනුබල දෙන අතර මුදල් හිඟ පීඩනයට මුහුණ දෙමින් සිටිය ද පවුලේ අය ඇයගේ අධ්‍යාපන සිහිනය අත් හරින්න ඉඩ දුන්නේ නෑ.

Salgy Baran විභාගයට සූදානම් වීමේදී හැමවිට ම පොත් අතරම සිටින බව ඇයගේ සහෝදරයෙක් පැවසුවා.

ඇෆ්ගනිස්ථනයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ වැඩි ම ලකුණු ලබා ගත් ශිෂ්‍යාව:  “මගේ එකම අරමුණ රටට දායකත්වය ලබා දීමයි ”_fororder_2

සෑම ගැහැණු ළමයෙකුම මහන්සියෙන් ඉගෙන ගන්නත්, දෙමව්පියන් සිය දියණියන්ට අධ්‍යාපනය ලබා ගන්න ඉඩ ලබා දෙනු ඇති කියාත් ඇය බලාපොරොත්තු වෙනවා.

ඇෆ්ගනිස්ථානය සිය මව් ර‍ට වන අතර සියලු ඇෆ්ගනිස්ථාන ජනතාව අත්වැල් බැඳගෙන මව් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටියා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන