සාර්ථකව ඉදිරියට යන හම්බන්තොට වරාය ව්‍යාපෘතිය
2021-08-31 15:33:13
Share with:

සාර්ථකව ඉදිරියට යන හම්බන්තොට වරාය ව්‍යාපෘතිය_fororder_641 (4)

ලංකා දූපතේ දකුණු ප්‍රදේශයේ ඇති හම්බන්තොට වරාය සංයුක්ත කෘත්‍රිම ගැඹුරු වරායයක්. චීනය හා ශ්‍රී ලංකාව අතර සහයෝගතාව මත වසර 2017තේ එහි ක්‍රියාකාරීත්වය ආරම්භ වුණා. ඉන් පසු එහි ව්‍යාපාරික කටයුතු ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර එය ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය ගැඹුරු වරාය බවට පත් වී තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසයේ අදාළ සහයෝගතා ගිවිසුමට අත්සන් තැබූ, වරාය කලාපයේ ඇති විශාලතම ආයෝජන ව්‍යාපෘතිය වන සිලෝන් ටයර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු වසර 3කට  පසු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙනවා. පසුගිය ජුනි මාසයේ ශෙන්චෙන් ශින්ජී කණ්ඩායම හා හම්බන්තොට වරාය සමග ආයෝජන ගිවිසුමකට අත්සන් තැබුවා. ඉන් දින 20කට පසුවම එහි ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම, ඉහල කාර්යක්ෂමතාව විදහා පෑමක්.

නව කොරොනා වසංගතය ජාත්‍යන්තර නාවික ප්‍රවාහන කර්මාන්තයට බැරෑරුම් බලපෑමක් එල්ල කළ අතර හම්බන්තොට වරාය ද විවිධ අසීරුතාවන්ට මුහුණ දුන්නා. එහෙත් වාණිජ අවස්ථා නිවැරදිව අල්ලා ගෙන ඉහල කාර්යක්ෂමතාවකින් යුක්තව කටයුතු කළ හම්බන්තොට වරායේ කළමනාකාරීත්වය, කදිම ලෙස එක් එක් ගැටළු විසඳා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම වසරේ මුල් මාස හය තුළ එහි භාණ්ඩ ප්‍රවාහන ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 187කින් වැඩි වූ අතර ආකර්ෂණය කෙරුණු ආයෝජනය ද කැපී පෙනෙන ලෙස ඉහල ගියා. හම්බන්තොට වරායේ ආයෝජකයින්ට කෙටිම කාලයකින් අවශ්‍ය අවසර පත්‍ර ලබා ගැනීමට පහසුකම් ලබා දී තිබෙනවා. ආයෝජන අනුග්‍රාහී ප්‍රතිපත්තිවලින් හම්බන්තොට වරාය ජාත්‍යන්තර ආයෝජන මධ්‍යස්ථානයක් සේ ගොඩනැගීම එහි අරමුණයි.

සාර්ථකව ඉදිරියට යන හම්බන්තොට වරාය ව්‍යාපෘතිය_fororder_641 (2)

මේ වන විට හම්බන්තොට වරායේ කර්මාන්ත කලාපය බ්‍රිතාන්‍යය, සිංගප්පූරුව, ජපානය, චීනය, මාල දිවයින ඇතුළු රටවල් 30ක පමණ ව්‍යාපාර හා ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාර ද ආකර්ෂණය කර තිබෙනවා. මුල්‍ය සේවාව, භාණ්ඩ ප්‍රවාහනය, නාවික කටයුතු, බලශක්ති, රබර් නිෂ්පාදනය, විද්‍යුත් උපකරණ, ගෘහස්ථ විදුලි භාණ්ඩ හා කුඩා යාත්‍රා නිෂ්පාදනය එහි ව්‍යාපාරික කටයුතුවලට ඇතුළත් වී තිබෙනවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන