දින අනූවක් වෙහෙසවී ඇමරිකානු ඔත්තු සේවා අංශ, ඊනියා නව කොරොනා වෛරසයේ සම්භවය පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් ගොනු කර පළ කර ඇත. චීනය අදාල ජාත්‍යන්තර පරීක්ෂණයට බාධා කළ බව එම වාර්තාව චීනයට එරෙහිව අපවාද නගමින් චීනයට දේශපාලන පීඩනය පනවන ලෙස ද ජගත් ප්‍රජාවෙන් ඉල්ලා ඇත.
ලෝකයේ පළමු වසංගත පාලන පරාජිත රට හා විශාලතම වසංගත ව්‍යාප්තිය සිදු කළ රට වශයෙන්, ඇමරිකාවට ජගත් ප්‍රජාව නියෝජනය කිරීමේ සුදුසුකමක් තිබේ ද යන්න ප්‍රශ්නයකි. මෑතකදී රටවල් අසූවක් පමණ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පණිවිඩ යොමු කිරීම හෝ නිවේදන නිකුත් කිරීම හෝ මගින් වෛරසයේ සම්භවය සෙවීම දේශපාලනීකරණය කිරීමට විරෝධය පළ කරමින් පළමු අදියරේ වෛරසයේ සම්භවය සෙවීමේ නිගමනය සහතික කරන ලෙසට ඉල්ලා සිටියේය. රටවල් හා ප්‍රදේශ 100ක පමණ දේශපාලන පක්ෂ, සමාජ සංවිධාන හා බුද්ධි මණ්ඩල තුන් සියයක් පමණ ඒකාබද්ධ නිවේදනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළේය. එය ජගත් ප්‍රජාවේ පැහිදිලි ඒකමතිකත්වයයි.
ඇමරිකාව ලෝකයේ වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව වාර්තා වූ රට වන අතර බාහිර ලෝකයට බරපතල ලෙස වෛරසය ව්‍යාප්ත කළ රට බව සැඟවිය නොහැකි සත්‍යයකි. වසංගත පාලන පරාජය හා සිය වසංගත උග්‍ර සමයේ සිය පුරවැසියන් කෙරේ ගෝලීය සංචාරක තහනම ඉවත් කිරීම තුළින්, ඇමරිකාව හේතුවෙන් ගෝලීය වසංගත පාලන මෙහෙයුම දැඩි ලෙස බාධා එල්ල කර ඇත.
වෛරසයේ මූලාරම්භවය සෙවීම දේශපාලනීකරණය කිරීමට ප්‍රයත්න දරමින් සිටින ඇමරිකාව, ගෝලීය වසංගත පාලනය හා විද්‍යාත්මක ලෙස වෛසරයේ මූලාරම්භය සෙවීමේ කටයුතුවලට විශාලතම බාධාවක් වී ඇත. ඇමරිකානු දේශපාලනඥයින්ට දේශපාලන වෛරසය ව්‍යාප්ත කිරීමට ජගත් ප්‍රජාව ඉඩ නොදිය යුතුය.