කාබුල් ගුවන් තොටුපලේ අහිංසක ජනතාව ඝාතනය කළ ඇමරිකානු භටයින්
2021-08-30 19:56:21
Share with:

කාබුල් ගුවන් තොටුපලේ අහිංසක ජනතාව ඝාතනය කළ ඇමරිකානු භටයින්_fororder_b219ebc4b74543a9f61199b5348d808bb80114e7

අගෝස්තු මාසයේ 26 වනදා රාත්‍රී ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපල අසල සිදුවූ බෝම්බ පිපිරීමෙන් තුවාල හා මරණ විශාල ප්‍රමාණයක් වාර්තා විය. චීන මාධ්‍ය සමූහයේ කාබුල්හි වාර්තාකරු තුවාල කරුවන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවලදී එහි  සිදුවූ සත්‍ය තත්ත්වය ඔවුන් විසින් පැහැදිලි කර තිබේ. බෝම්බ පිපිරීමෙන් පසු හදිසියේ පලා යමින් සිටි ඇමරිකානු හමුදා භටයෝ කාබුල් ගුවන්තොටුපළේ සිටි අහිංසක පුරවැසියන් ඝාතනය කළහ. බොහෝ ඇෆ්ගනිස්ථාන පුරවැසියන් මිය ගියේ ත්‍රස්ත ප්‍රහාරයෙන් නොව, ඔවුන්ව බේරා ගන්නා බව පැවසූ ඇමරිකානු භටයින්ගේ වෙඩි තැබීමෙනි!

චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවන් එම සිද්ධියෙන් තුවාල වූ පුද්ගලයින් සමග සිදු කළ සම්මූඛ සාකච්ඡාවට අනුව, ඇමරිකානු භටයින්, බෝම්බ පිපිරීමෙන් පසුව මහ ජනයා වෙත වෙඩි තබා ඇත. ඔවුහූ කාබුල් ගුවන් තොටුපල අසල මාර්ග අවහිර කළහ. ඉන් තුවාල ලැබූ පුද්ගලයන් විශාල ගණනකට  ප්‍රතිකාර ලැබීමට නොහැකි ව දිවි අහිමි විය.

ඇමරිකානු දේශපාලනඥයින් හා එරට මාධ්‍ය ආයතන මේ පිළිබඳව විස්තර කළේ කෙසේ ද? ඇමරිකානු ජනාධිපතිවරයා බෝම්බ පිපිරීමේ සිද්ධියෙන් පසු දේශනයක් කරමින් ඇමරිකානු භටයින් ‘වීරයින්’ සේ ප්‍රශංසා කළ අතර ජීවිතක්ෂයට පත් වූ ඇෆ්ගනිස්ථාන වැසියන් පිළිබඳව වචනයක්වත් ප්‍රකාශ කළේ  නැත.

ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයට ප්‍රවේශ වූයේ ආක්‍රමණිකයින් වශයෙනි. දැනට ඇෆ්ගනිස්ථානයේ ආරාවුල් සහගත තත්ත්වය සඳහා ඇමරිකාව ඍජු වගකීම් දැරිය යුතුව තිබේ. එහෙත් විශාල යුද ව්‍යසනයක් ඉදිරියේදී ඇමරිකානු දේශපාලනඥයින් හා මාධ්‍ය ආයතන දැක ඇත්තේ සිය හමුදා භටයින් පමණයි. මේ අතර කාබුල් ගුවන් තොටුපලේ අහිංසක ජනතාව ඝාතනය කළ ඇමරිකානු භටයින්, ඇමරිකානු වීරයින් ලෙස අලංකාර කරනු ලැබීම, ලෝක වාසින්ට දක්නට ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන