හිස් කොළයක් වූ ඇමරිකා බුද්ධි අංශ වාර්තාව
2021-08-30 19:23:24
Share with:

හිස් කොළයක් වූ ඇමරිකා බුද්ධි අංශ වාර්තාව_fororder_6ab586ab5d5fa1399a829b6c265967e4

ඇමරිකානු ඔත්තු සේවා මෑතකදී ඊනියා කොරොනා වෛරසයේ මූලාරම්භය සෙවීමේ පරීක්ෂණ වාර්තාවක්  පළ කර ඇත. ඉන් පැහැදිලි නිගමනයකට පැමිණීමට නොහැකි වුවද ඒ ‘නිෂ්ඵල’ වගකීම චීනයට පවරා දීමට ඔවුන් තැත් කළේය. ඒ අතරම ධවල මන්දිරය නිවේදනයක් කරමින් පවසන්නේ ‘ජාත්‍යන්තර පරීක්ෂණය’ට චීනය බාධා එල්ල කළ බවයි.

ඇමරිකානු ඔත්තු සේවා ඇමරිකානු රජයේ දේශපාලන මෙවලමක් ලෙස ක්‍රියා කළ බවට ඔවුන්ගේ එම දුර්වල රඟපෑමෙන් යළිත් සනාථ වී ති‍බේ. Yale විශ්ව විද්‍යාලයේ පොදු සනීපාරක්ෂක අංශයේ පීඨාධිපති Sten H Vermund මහතා පෙන්වා දුන් පරිදිම, ඔත්තු සේවා අංශය, වෛරසයේ මූලාශ්‍රය සෙවීම සඳහා හෝඩුවාවක් සැපයිය නොහැකිම අංශයයි. ඇමරිකානු රජය ‍වෛරසයේ මූලාශ්‍රය සෙවීමට ඔත්තු සේවා අංශය යොදා ගැනීම දේශපාලන අරමුණක් මිස වෛද්‍ය විද්‍යාත්මක අරමුණක් සඳහා නොවන ප්‍රතිචාරයකි.

වෛරයේ මූලාශ්‍රය සෙවීම, විද්‍යාත්මක ක්ෂේත්‍රයේ කාර්යයකි. එය සිදු කළ යුත්තේ විද්‍යාඥයින් විසිනි. ඉතිහාසයේ සිදු කෙරුණු සෑම වෛරස මූලාශ්‍ර සෙවීමක්ම ඉතා සංකීර්ණ වූ අතර ඒ සඳහා දිගු කාලයක් ගත විය. එහෙත් මෙවර ඇමරිකානු රජය සිය ඔත්තු සේවා  ලවා දින අනූවක් ඇතුලත කොරොනා වෛරසයේ මූලාශ්‍රය සොයා ගැනීම, විද්‍යාත්මක ධර්මයන් ප්‍රසිද්ධියේ උල්ලංඝනය කිරීමකි.

ඇමරිකානු ඔත්තු සේවාවලට නම්, වෛරසයේ මූලාශ්‍රය සෙවීම භාර ගැනීම, බල්ලාගේ වැඩේ බූරුවා භාර ගත්තා වැනිය. ඔවුන්ට හොලිවුඩ් ‍චිත්‍රපටවලින් පෙන්වූ සුපිරි හැකියාවන් පවා තිබුණද එම ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුරක් ලබා දීමට අපොහොසත් වී ඇත. ඔවුන් පැහැදිලි නොවන නිගමන ඇති වාර්තාවක් ගොනු කිරීම දේශපාලනඥයින්ගේ දේශපාලන අරමුණ සපුරාලීම සඳහා  කළ ක්‍රියාවකි.

එබැවින් ඇමරිකාව පළ කළ මෙම ඊනියා වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ වාර්තාව කසල සේ ඵලක් නැති වාර්තාවකි. ජගත් ප්‍රජාව එය සලකා ඇත්තේ කල්පිත නව කතාවක් මෙනි. ‘බැලූ බැල්මට ඒ වාර්තාව බොහෝ දේ කිව්වාට ඇත්තටම ඉන් මුකුත් කිව්වේ නෑ’ කියා අන්තර් ජාල පරිශීලකයෝ පවසති.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන