චීන ජනතාවගේ මෙන්ම ලෝකවාසීන්ගේ ද සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන චීන කොමියුනිස්ට් පක්ෂය
2021-08-29 20:33:45
Share with:

“චීන කොමියුනිස්ට් පක්ෂය උදාර අභිලාෂයක් ඇති දේශපාලන පක්ෂයකි. එම උදාර අභිලාෂය වන්නේ ලෝක පාලනය කිරීම නොව ලෝකයට දායක වීම ය.”යනුවෙන් පසුගිය දා චීනය නිකුත් කළ  ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙවර හා දායකත්වය’නම් ග්‍රන්ථයේ සඳහන් වේ.

චීන කොමියුනිස්ට් පක්ෂය බිහි වූයේ චීනය විදේශ ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ අවධියේදී ය. චීන කොමියුනිස්ට් පක්ෂය සාමයට ලැදි සහ ආධිපත්‍යයට හා බල දේශපාලනයට විරුද්ධ වන්නේ එබැවිනි. ලෝකය යහපත් වන විට පමණක් චීනය යහපත් වන්නේ ය. එමෙන් ම චීනය යහපත් වන විට පමණක් ලෝකය වඩාත් යහපත් වන්නේ ය. මෙය චීන කොමියුනිස්ට් පක්ෂයේ සරල දැක්ම ය.

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමෙන් පසු මේ දක්වා චීනය වෙනත් රටවල් සමග කිසිදු සන්නද්ධ ගැටුමක් ‍හෝ යුද්ධයක් හෝ ඇති කරගෙන නැත. වෙනත් රටවල කිසිදු දේශභූමියක් අත්පත් කර ගෙන නැත.එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් චීනය ලබා දුන් දායකත්වය ලොව 2වන ස්ථානයේ පසු වේ. ගෝලීය කළමනාකරණ පද්ධති ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය, ‍ගෝලීය ත්‍රස්ත මර්දනය හා දරිද්‍රතාවය පිටු දැකීම යනාදි ක්ෂේත්‍රවල චීනය ඉතා ක්‍රියාශීලිව කටයුතු කරමින් සිටී.

චීන ජනතාවගේ යහපත් ජීවිතය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂය අඛණ්ඩ ව උත්සාහ දරමින් සිටින අතර ලොව සෙසු රටවල ජනතාවගේ සුභසෙත වෙනුවෙන් ද කටයුතු කරමින් සිටී. ලොව විශාලම සංවර්ධනය වෙමින් පවතින රට වශයෙන් චීනය ස්වෝත්සාහයෙන් නවීකරණයට ළඟා වී සිටී. මෙය සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ආදර්ශයක් සපයා දී තිබේ. චීනයේ සංවර්ධනය ලෝක සංවර්ධනයට ගාමක බලයක් ‍වී ඇත. ගෙවී ගිය වසර 10ක පමණ කාලය තුළ චීන ආර්ථිකය ලෝක ආර්ථිකය වෙනුවෙන් ලබාදුන් දායකත්වය 30%කට වැඩි ය.මේ වන විට චීනය රටවල් 150ක් හා ජාත්‍යන්තර සංවිධාන 13ක් වෙත වසංගත මර්දන සහනාධාර ලබා දී තිබීම, තවත් මනා නිදසුනකි.

‍ලොව විශාලම දේශපාලන පක්ෂය වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම චීන ජනතාවගේ පමණක් නොව ලෝකවාසීන්ගේ ද සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බව නිසැක ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන