ප්‍රතිශක්තිය වඩවන ආයුර්වේද ඖෂධ මංජුසාවක් නොමිලේ
2021-08-29 15:58:36
Share with:

ප්‍රතිශක්තිය වඩවන ආයුර්වේද ඖෂධ මංජුසාවක් නොමිලේ_fororder_001-ayurweda

කොරොනා වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන ආයුර්වේද ඖෂධ අඩංගු මංජුසාවක් ජනතාවට නොමිලේ සැපයීමට රජය ගත් තීරණය ලබන සතියේ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කියයි.

පළමු අදියරේ දී රුපියල් 2000 දීමනාව ලබන දිළිදු ලක්ෂ 25 කට එය සැපයේ.ඉන් පසුව රට පුරා පවුල් ඒකකවලට එම මංජුසාව සැපයීම ඇරඹෙනු ඇත. ආයුර්වේද දෙපාර්තමේන්තුව හා රජයේ ආයුර්වේද වෛද්‍ය මණ්ඩල සූත්‍ර කමිටුව අනුමත ඖෂධ කට්ටලයක් මෙම මංජුසාවේ අඩංගු වෙයි. සුව ධරණී ඖෂධය, ඉගුරු කොත්තමල්ලි පානය, චූර්ණයක් සහිත කෂාය හා පෝෂණීය ආහාරයක් ඊට ඇතුලත්ය.එහි වටිනාකම රුපියල් 1000 ක් පමණ වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන