චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාවට සංවර්ධන ප්‍රාතිහාර්යයන් නිර්මාණය කළේ කෙසේ ද..?
2021-08-28 17:33:59
Share with:

පාලක චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාවට සංවර්ධන ප්‍රාතිහාර්යයන් නිර්මාණය කළේ කෙසේ ද..? පසුගිය දා චීනය නිකුත් කළ ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙවර හා දායකත්වය’නම් ග්‍රන්ථය ඊට පිළිතුරු සපයා දී ඇත.

චීනයේ සංවර්ධනයේ සාර්ථකත්වයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාව සමග එක්ව තමන්ට ගැලපෙන මාර්ගයක් තෝරාගෙන තිබීම ය. බටහිර රටවල සංවර්ධන ආකෘතිය නවීකරණය සඳහා වන එකම විසඳුම යැයි කලෙක පිළිගෙන තිබිණ. එහෙත් චීන කොමියුනිස්ට් පක්ෂය ස්වාධීන ව චීන දේශීය තත්ත්වයට ගැලපෙන සමාජවාදී මාර්ගයක් සොයා ගෙන තිබේ. සිය මාර්ගයේ නොසැලී ගමන් කිරීමේදී චීනය ‍ලෝකයේ වර්ධන ප්‍රවණතාවන්ට අනුකූල ව කටයුතු කර ඇත. විප්ලව සමයේ හෝ වේවා රටේ සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය කරන කාලයේ හෝ වේවා නිර්මාණශීලිත්ව චින්තනයෙන් සන්නද්ධ වූ චීන කොමියුනිස්ට් පක්ෂය, සත්‍යයට ගරු කරමින් ගමන් ම‍ගේ මතු වූ බාධා ඉවත් කරමින් අඛණ්ඩව ඉදිරියට ගොස් තිබේ. චීනයට ගැලපෙන ආකාරයෙන් නිර්මාණශීලිත්වය මූලික කරගෙන චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රතිසංස්කරණ විශාල සංඛ්‍යාවක් සිදු කරමින් චීන සමාජයේ නිෂ්පාදන ධාරිතාව විශාල වශයෙන් ඉහළ නංවාගෙන ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ විධි විධාන 2400ක් පමණ ඒ සඳහා වන කදිම නිදසුන් වේ.

මෑත වසරවල පැවති අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වය හමුවේ දේශීය චක්‍රීය ආර්ථිකය මූලික වන දෙස් විදෙස් ද්විත්ව චක්‍රීය ආර්ථික සංවර්ධන රටාව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සකස් කරනු ලැබ තිබේ. මෙය චීනයේ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය වෙනුවෙන් නව ගාමක ශක්තියක් ලබා දෙයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන