ජපානයේ හිතුවක්කාරී ක්‍රියාවලට එරෙහිව යුක්තිය විසින් දඩුවම් කිරීම ස්ථිරය
2021-08-26 09:32:24
Share with:

ජපානයේ හිතුවක්කාරී ක්‍රියාවලට එරෙහිව යුක්තිය විසින් දඩුවම් කිරීම ස්ථිරය_fororder_QQ图片20210826093014

ජපාන රජය සහ ටෝකියෝ විදුලි බල සමාගම "ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජල මුහුද යට උමං මාර්ගයක් හරහා මුහුදට මුදා හැරීමට" තීරණය කර ඇතැයි ජපාන මාධ්‍ය පසුගිය 24වැනිදා වාර්තා කළේය. මෙය සත්‍යයක් නම්, එය ජපාන රජය විසින් ගෝලීය පාරිසරික ආරක්ෂාවට සහ මහජන සෞඛ්‍යයට තර්ජනයක් වන අයුරෙන් ගත් ඒකපාර්ශ්වික භයානක පියවරකි. ආසියා හා ශාන්තිකර කලාපයේ අසල්වැසි රටවලට හා ලොව පුරා වෙරළාසන්න රටවලට පවා ජපානයෙන් වන්දි ඉල්ලා සිටීමට  අයිතියක් ඇත.

දේශීය ධීවර අලාභ සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට ජපාන දේශපාලනඥයින් යෝජනා කළද තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ නොහැකි බව ජපාන පාර්ශ්වය පැහැදිලි කළ යුතුය

අදාළ පාර්ශ්වයන් සහ ජාත්‍යන්තර ආයතන සමඟ එකඟතාවන්ට පැමිණෙන තුරු ජපානය න්‍යෂ්ටික දූෂිත ජල අවසරයකින් තොරව මුහුදට මුදා නොහැරිය යුතුය.

"සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට"අනුව ජාත්‍යන්තර නීතිය පදනම්ව විවිධ රටවල් වගකීම් දැරිය යුතුය. ජපානය "සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය" වැනි ජාත්‍යන්තර සම්මුතීන්ට අත්සන් තැබූ පාර්ශ්වයකි. එබැවින් ජපානයට ජාත්‍යන්තර වගකීම් හා බැඳීම් වලින් ඉවත් විය නොහැකිය.

න්‍යෂ්ටික දූෂිත ජල බැහැර කිරීම සම්බන්ධයෙන් ජපානය මෙතෙක් ගෙන ඇති ආකල්පය සහ ක්‍රියාවන්ගෙන් පෙනී යන්නේ එය කිසිසේත් වගකීම් සහගත රටක් නොවන බවයි. ජාත්‍යන්තර නීතියේ මූලධර්ම අභියෝගයට ලක් කරන ජපාන දේශපාලනඥයින්, තම මාවතේ බලහත්කාරයෙන් යාමට තැත් කළහොත් යුක්තිය විසින් ඊට එරෙහිව දඬුවම් කරනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන