කිසි කෙනෙකු අඩු නොවිය යුතුයි
2021-08-26 14:54:43
Share with:

කිසි කෙනෙකු අඩු නොවිය යුතුයි_fororder_(“牵挂”系列之一)《春风习习•录音报道》一个也不能少

2021 වසරේදී චීනය ඓතිහාසික වාර්තාවක් තබමින් නිරපේක්ෂ දරිද්‍රතාව පිටුදැක සුවපහසු සමාජයක් සම්පූර්ණයෙන් ම බිහි කිරීමට සමත් වුණා. සුවපහසු ජීවිතයක් හිමි කර ගැනීම සඳහා කිසි කෙනෙකු අඩු නොවිය යුතුවා මෙන්ම, අත්හැරිය නොහැකියි. දිළිඳු ජනගහනය, විශේෂයෙන් ම අතීතයේ සිට ඈත ප්‍රදේශ වල වෙසෙන සුළු ජාතිකයන් දරිද්‍රතාවෙන් මුදවා ගන්නේ කෙසේ ද යන්න මෙන්ම, පොදු සමෘද්ධිමත් සංවර්ධනයෙන් ප්‍රීතිමත් ජීවිත ගත කරන්නේ කෙසේද යන්න, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ හදවතට තදින් කාවැදී තිබෙනවා.

තුලුංජ්‍යාං ගම්මානය චීනයේ යුන්නන් පලාතේ නූජ්‍යාං ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. එය චීනයේ දුරස්ථ ම ප්‍රදේශයක්. මුළු වසර පුරාම හිමෙන් වැසී ඇති පරිසරය හේතුවෙන් ඉතා දුෂ්කර ප්‍රදේශයක් ලෙසට එය හැඳින්වෙනවා.  චීනයේ සුළු ජාතියක් වන දුලුං ජාතිය එහි ජීවත් වෙනවා.

වසර 2014රේ ජනවාරි මස පළමු වැනිදා උදා වූ අලුත් අවුරුද්දට පෙර, එහි සේවය කරන නිලධාරින් කිහිප දෙනෙක් ෂී ජින්පිං ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ගමේ පොදු මාර්ග උමඟ විවෘත කළ බව වාර්තා කළා. ෂී ජින්පිං මහතා ඊට පිළිතුරක් යැවීම පමණක් නොව, මීළඟ වසරේ යුන්නන් පලාත අධීක්ෂණය කරද්දී දුලුං ගම්මානයේ වැසියන්ට තමා සිටින හෝටලයට පැමිණීම සඳහා විශේෂ‍ ආරාධනයක් ද කළා.

දුලුං ජාතියේ ජනගහණය අඩුයි. එම ප්‍රමාණය හය දහස් නම සීයක් පමණයි. නමුත් ජාතීන් 56කින් සමන්විත අපේ මහ පවුලේ ඔවුන් ද සම සාමාජිකයෙක් බව චීන ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කළා. චීන ජාතියේ විශිෂ්ට පුනර්ජීවනය ඉටු කර ගැනීම සඳහාත් චීන සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහාත් අප ක්‍රියා කරනවා. ඒ සඳහා කිසි ජාතියෙකු අඩු විය නොහැකිවා සේම, හැමෝටම සැප පහසු ජීවිතයක් සම්පූර්ණයෙන් ම ලබාදිය යුතු යැයි ද ෂී ජින්පිං මහතා අවධාරණය කර තිබෙනවා.

2014 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු සිදු කළ ප්‍රථම සින්ජ්‍යාං සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දකුණු සින්ජ්‍යාං කෂ්ගාර් ප්‍රදේශයට පැමිණියා. එහි වෙසෙන උයිගුර් ජාතිකයෙකුගේ නිවසට පැමිණි හෙතෙම එම නිවසේ පහසුකම්, කෘෂිකර්මික පරිසරය පිළිබඳ තොරතුරු මනාව විමසා බැලුවා. මධ්‍යම රජයේ ප්‍රතිපත්ති ඇත්ත වශයෙන් ම ජනතාව අතර ක්‍රියාත්මක වූයේ ද යන්න දැන ගන්න අවශ්‍ය යැයි ෂී ජින්පිං මහතා එහිදී පැවසුවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ සියලු ප්‍රතිපත්ති ජනතා බලාපොරොත්තුව අනුව ජන ජීවිතයට යහපත් ආකාරයෙන් සම්පාදනය කළ යුතු අතර ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නා.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන