සැයිහන්බා වනවගා පෝෂණය‍ට පාරම්පරික සේවාව
2021-08-25 15:27:35
Share with:

සැයිහන්බා වනවගා පෝෂණය‍ට පාරම්පරික සේවාව_fororder_QQ图片20210825152532

කාන්තාර වැලි ප්‍රදේශයක් වූ සැයිහන්බා වනාන්තර ගොවිපල, පරම්පරා තුනක කැපවීමෙන් අද ලෝකයේ විශාලත ම කෘත්‍රිම වනාන්තර සාගරයක් ලෙසට ගොඩනගා තිබෙනවා. 2017 වසරේ උපදෙස් දුන් ආකාරයටම, පසුගිය දා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහි පැමිණ නිරීක්ෂණය කරද්දී සැයිහන්බා චින්තනය ආදර්ශයක් ලෙසට ගනිමින් නව ප්‍රගති අත්කර ගැනීම සඳහා කැපවිය යුතු යැයි ඉල්ලිමක් කළා. 

1962 වසරේ සැයිහන්බා වනවගා ව්‍යපෘතිය නිල වශයෙන් ස්ථාපිත කෙරුණා. ඒ සඳහා කෘෂි උපාධි ලැබූ චෞ චෙන්යූ මහතා ඇතුළු 369 දෙනෙකුගෙන් සමන්විත සාමාන්‍ය වයස අවුරුදු 24කට අඩු කණ්ඩයමක් එකට එකතු වුණා. රජයේ ඉල්ලීමක් අනුව ඔවුන් කාන්තාරයක් වූ සැයිහන්බා වලට පැමිණ සේවය කරන්න පටන් ගත්තා. ඒ, සැයිහන්බා වෙත පැමිණි පළමු වනාන්තර සේවක සේවිකාවන් ය. 

මුල් කාලයේ ඒ තරම් අසීරුයි කියලා ඔවුන් දැන ගෙන හිටියේ නැහැ. කාලගුණ පරිසරය ඉතාම දුෂ්කර බව චෞ චෙන්යූ මහතා සිහිපත් කළා. සීතල ම කාලයේ සෙල්සියස් අංශක සෘණ 43.5 තිබූණා. දැඩි හිම පතන වගේ ම සුළං වැඩි බව ඔහු පැවසුවා. මෙවැනි පරිසරයක ඔහු දශක කිහිපයක් සේවය කළා. තම සුන්දරම වයස ඔහු ඊට කැප කළා.

1989 වසරේ ඉපදුණූ ‍ස්ඕ ජියැන්මින්ග්, තුන් වැනි වන වගා පරම්පරවෙන් පැවත එන්නෙක්. පුංචි කාලයේ ඉඳලාම මුතුන් මිත්තන්ගේ කතන්දර අසමින් ඔහු වර්ධනය වුණා. එහෙත් පුංචි කාලයේ පියා ව තේරුම් ගන්න බැරි නිසා පියාට අපහාස කර කර හිටියා. වැඩිහිටිවීමෙන් පසු පියා ගේ වගකීම් තේරුම් ගෙන ඔහු ද සැයිහන්බා වනාන්තරයේ සේවකයෙක් ලෙසට පෙනී සිටිනවා.

මෙතන තියෙන සෑම ගසක්ම සෑම පැළයක් ම වගේ සිටුවා දියුණු කර ගත්තේ සීයලා තාත්තාලා පරම්පරාවෙන් පරම්පරාවට කළ කැප කිරීම් නිසයි. මෙවැනි සම්පත් තහවුරු කර ගනිමින් සදාකාලීන වශයෙන් එය ඉදිරියට ගෙන යාම සඳහා මෙය තමා තුන්වන පරම්පරාවේ වගකීමක් ලෙසට දකින බව ස්ඕ ජියැන්මින්ග් මහතා සඳහන් කරනවා.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන