කොරොනා මූලාරම්භය සම්බන්ධ පර්යේෂණ සිදු කළ යුත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානය හා චීනය ඒකාබද්ධ පර්යේෂණ වාර්තාව මත පදනම්වයි
2021-08-25 21:27:49
Share with:

ඊයේ (24) ඇමරිකානු ඔත්තු සේවය කොරොනා වෛරසයේ ප්‍රභවය පිළිබඳ පරීක්ෂණය ඉදිරිපත් කිරීමට නියමිත ව තිබූ අවසාන දිනයයි.ඉදිරි දින කිහිපයේ එම පරීක්ෂණය පිළිබඳව විවෘත වාර්තාවක් නිකුත් කරනු ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.

කොරොනා වෛරසයේ ප්‍රභවය සම්බන්ධයෙන් ඇමරිකානු ඔත්තු සේවය මාධ්‍ය උපයෝගී කරගෙන චීනයට එරෙහිව කටයුතු කිරීම කිසිවිටක නතර කර නැත. පසුගිය මැයි මාසයේ The Wall Street Journal පුවත්පත ඔත්තු සේවය මීට කලින් හෙළි නොකළ වාර්තාවක් උපුටා දක්වමින් ලිපියක් පළ කළේ ය. එම ලිපියට අනුව චීනයේ වු හැන් වෛරස පර්යේෂණ ආයතනයේ සේවකයෝ 3 දෙනෙක් 2019 වසරේ නොවැම්බර් මාසයේ රෝගාතුර වූහ.පසුගිය අගෝස්තු මාසයේ ඇමරිකාවේ CNN ආයතනය විශේෂ වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකාවේ ඔත්තු සේවය පරීක්ෂණය පැවැත්වීමේදී ජානමය දත්ත බැංකුවක් ‍සොයාගෙන ඇති බවයි.චීනයේ වු හැන් වෛරස පර්යේෂණ ආයතනයේ ජානමය දත්ත ඒ අතර තිබෙන බවත්, එම දත්ත මගින් කොරොනා වෛරසයේ ප්‍රභවයට අදාළ වැදගත් තොරතුරු හෙළි කළ හැකි බවත්, CNN ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ ය. එහෙත් එම මාධ්‍ය වාර්තාවලට තුඩු දෙන කිසිදු සාක්ෂි මේ දක්වා ඇමරිකාව ඉදිරිපත් කර නොමැත.

කොරොනා වෛරසයේ මූලාරම්භය පිළිබඳව පසුගිය මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා චීනය ඒකාබද්ධ පර්යේෂණ වාර්තාවක් නිකුත් කර ඇත. කොරොනා වෛරසය චීනයේ පරීක්ෂණාගාරයකින් කාන්දු වීම කිසි ලෙසකින් සිදු විය නොහැකි බව එම වාර්තාව පෙන්වා දී තිබේ.‍ ලෝක විද්‍යා ක්ෂේත්‍රය මීට එකඟතාව පළ කර ඇත.ඉදිරියේදී කොරොනා වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදු කළ යුත්තේ එම ඒකාබද්ධ වාර්තාව පදනම් කරගෙන මිස වෙනත් මාර්ගයකින් නොවේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන