ස්වයං ප්‍රකාශිත “මානව හිමිකම් ප්‍රදීපාගාරය” තුළ තවමත් වහල්භාවයේ අවතාර
2021-08-24 15:54:52
Share with:

ස්වයං ප්‍රකාශිත “මානව හිමිකම් ප්‍රදීපාගාරය” තුළ තවමත් වහල්භාවයේ අවතාර_fororder_2021-08-24 1

එක්සත් ජාතීන් විසින් තීරණය කරනු ලබන “කළු ජාතික වහල් ජාවාරම සහ එය අහෝසි කිරීමේ ජාත්‍යන්තර අනුස්මරණ දිනය” ඊයේට (23) යෙදී තිබිණ. හාස්‍යයට කරුණ වන්නේ ඇමරිකාව මෑතකදී ඊනියා වාර්ෂික “මිනිස් ජාවාරම් වාර්තාව” නිකුත් කළ අතර, තමන් විසින් ම “හොඳම කාර්ය සාධන කාණ්ඩයට” ඇතුළත්  කර තිබීමය.

වහල්භාවය සහ වහල් වෙළඳාම මානව ඉතිහාසයේ නරකම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ය. වර්තමාන “ලෝකයේ අංක එකේ බලවතා” වහලුන්ගේ කොඳු නාරටිය මත පදනම්ව මුල් සමුච්චය කිරීම සම්පූර්ණ කර තිබේ. කම්පනයට කරුණක් නම් මිනිස් ජාවාරම් සහ බලහත්කාර ශ්‍රමය තවමත් ඇමරිකානු භූමියේ පවතී. මෙම වින්දිතයින් අතර, මිනිසුන් විශාල සංඛ්‍යාවක් අයහපත් කොන්දේසි සහිත කර්මාන්ත ශාලා වෙත යැවීම හෝ ගෘහස්ත වහල්භාවයට පත් වීම සිදු වෙයි. වඩාත් බිය උපදවන කරුණ නම්, මිනිස් ජාවාරම් හෝ බලහත්කාර ශ්‍රමය කුමක් වුවත්, සඳහන් කර ඇති සංඛ්‍යා බොහෝ දුරට දත්ත පමණක් වීමයි. මෙම ස්වයං ප්‍රකාශිත “මානව හිමිකම් ප්‍රදීපාගාරය” තුළ වහල්භාවයේ අවතාර තවමත් සැරිසරයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන