චීන ජනපති ‍ Saihanba කෘත්‍රිම වනාන්තරයේ නිල සංචාරයක
2021-08-24 12:23:36
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උතුරු චීනයේ හබෙයි පළාතේ නිල සංචාරයක නිරත වෙයි.

හෙතෙම එහි නිරීක්ෂණය සිදු කරමින් ඊයේ(23) ප්‍රථමයෙන් ම  Saihanba කෘත්‍රිම වනාන්තරයට පැමිණියේ ය.

චීන ජනපති ‍ Saihanba කෘත්‍රිම වනාන්තරයේ නිල සංචාරයක_fororder_2021082408460919006

චීන ජනපති ‍ Saihanba කෘත්‍රිම වනාන්තරයේ නිල සංචාරයක_fororder_2021082408460970886

වසර 300කට පෙර  Saihanba, Qing අධිරාජ්‍යයේ දඩයම් පරිශ්‍රයකි. පොහොසත් පරිසර හිතකාමී සම්පත් සතු වූ  Saihanba යුද්ධ, ලැව් ගිනි හා කොල්ලකාරී කැණීම් වලට ලක් වීමෙන් පසු හැටේ දශකයේදී දුර්වල ජෛව පරිසරයක් බවට පත් විය. කිලෝමීටර් 180ක් දුරින් පිහිටි බෙයිජිං නගරයට එමගින් සෑම වසරක ම පාහේ වැළි කුණාටු එල්ල වී තිබේ.

චීන ජනපති ‍ Saihanba කෘත්‍රිම වනාන්තරයේ නිල සංචාරයක_fororder_2021082408460814304

චීන ජනපති ‍ Saihanba කෘත්‍රිම වනාන්තරයේ නිල සංචාරයක_fororder_2021082408460914742

කාන්තාරකරණයට ලක් වීම වළක්වා බෙයිජිං නගරය ආශ්‍රිත ව පිහිටි ප්‍රදේශ වල ජල සම්පත් පවිත්‍ර කිරීම මෙන් ම සංවර්ධනයට ඇති දැව ඉල්ලුම සපුරා ගැනීම සඳහා එකල චීන ජාතික වන සංවර්ධන අමාත්‍යංශය 1962 වසරේ තීරණය කර ඇත්තේ  Saihanba හි විශාල පරිමාණයේ කෘත්‍රිම වනාන්තරයක් ඉදි කිරීමට ය.

චීන ජනපති ‍ Saihanba කෘත්‍රිම වනාන්තරයේ නිල සංචාරයක_fororder_2021082408460911849

සියවස් භාගයකට වැඩි කාලයක කැප කිරීමත් සමග, ලෝකයේ විශාලතම පරිමාණයේ කෘත්‍රිම වනාන්තරයක් Saihanba හි  ගොඩනැගිණ. මේ වන විට, එහි වන භූමි ප්‍රමාණය හෙක්ටයාර දහසය දහසේ  සිට හැත්තෑ හය දහස් හය සියය දක්වා වැඩි වී ඇති අතර, වන ආවරණ අනුපාතය 11.4% සිට 82% දක්වා වර්ධනය වී ඇත. පාංශු ඛාදනය වැළැක්වීමේ ප්‍රමාණය ටොන් මිලියන 5.14 පමණ වේ. Saihanba කෘත්‍රිම වනාන්තරය ජෛව ශිෂ්ටාචාර සංවර්ධනය සඳහා වන පරමාදර්ශයක් ලෙස හඳුන්වා දිය හැක.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන