14වැනි පස් අවුරුදු සැලැස්ම යටතේ හොංකොං ට නව ගාමක බලයක්
2021-08-23 19:44:17
Share with:

චීන රාජ්‍ය මණ්ඩලෙය් හොංකොං හා මැකව් කටයුතු පිළිබඳ කාර්යාලය, චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව හා චීන මහජන බැංකුව ඇතුළු ආයතන රැසකින් සමන්විත කණ්ඩායමක්, අද (13) සිට 25වැනි දා දක්වා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රචාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අපේක්ෂා කරයි. චීනයේ 14වැනි පස් අවුරුදු සැලැස්ම පහදා දීම එහි අරමුණ ය.

14වැනි පස්අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලයේ චීනය දේශීය චක්‍රය මූලික කරගෙන දේශීය හා විදේශීය ද්විත්ව චක්‍ර ප්‍රවර්ධනය කිරීමේ නව සංවර්ධන රටාවක් ගොඩනැගීම වේගවත් කරයි. එවන් ආර්ථික සංවර්ධන රටාවකට එක් වී හොංකොං සිය දායකත්වය හා සහභාගිත්වය පුළුල් කළ යුතු බව එම කණ්ඩායම පෙන්වා දෙයි. ජාත්‍යන්තර මූල්‍ය, නැව් ප්‍රවාහන, වෙළඳ මධ්‍යස්ථානය වශයෙන් හොංකොංට හිමි වන ස්ථානය වඩාත් ඉහළ නංවාලීමටත් විද්‍යා තාක්ෂණ නිර්මාණශීලිත්වය වඩාත් හොංකොං විශේෂ පරිපාලන කලාපයට එක් කිරීමටත් 14වැනි පස් අවුරුදු සැලැස්ම මගින් අවකාශ සැලසේ. එපමණක් නොව එම සැලැස්ම හොංකොං ට නව භූමිකා රැසක් ලබා දී තිබේ. හොංකොං විශේෂ පරිපාලන කලාපය , ජාත්‍යන්තර ගුවන් සේවා මධ්‍යස්ථානය , ජාත්‍යන්තර විද්‍යා තාක්ෂණ නවෝත්පාදන මධ්‍යස්ථානය, කලාපීය බුද්ධිමය දේපළ අයිතීන් පිළිබඳ වෙළඳ මධ්‍යස්ථානය සහ දෙස් විදෙස් සංස්කෘතික හා කලා හුවමාරු මධ්‍යස්ථානය බවට පත් කිරීම ඒ අතර ප්‍රධාන වේ. එමගින් හොංකොං ට නව ගාමක බලයක් එක් කිරීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන