ගෝලීය ආර්ථිකය පුනරුත්ථාපනයට ශක්තිය සපයන චීනය
2021-08-20 19:52:00
Share with:

ගෝලීය ආර්ථිකය පුනරුත්ථාපනයට ශක්තිය සපයන චීනය_fororder_QQ图片20210820195021

ලෝක ආර්ථික ප්‍රකෘතියේ ස්ථායිකාරකය ලෙස චීනය අඛණ්ඩව කටයුතු කරයි

මේ වන විට, ඩෙල්ටා වෛරස ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත වී ඇති අතර එය එක්තරා දුරකට ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය අඩාල කර තිබේ. මෙම සන්දර්භය තුළ චීනය නිකුත් කරන ලද නවතම ආර්ථික දත්ත පසුගිය දිනවල ජාත්‍යන්තර ප්‍රජාවගේ විශේෂ අවධානයට ලක් විය.

චීනයේ සමස්ත ආර්ථික ප්‍රතිසාධනය අඛණ්ඩව දැකිය හැකිය. ලෝක ආර්ථික ප්‍රකෘතියේ ස්ථායිකාරකය ලෙස චීනය අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි  බොහෝ විශ්ලේෂකයෝ  පෙන්වා දුන්හ. චීන වාණිජ අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ චීනයේ සැබෑ විදේශ ප්‍රාග්ධනය යුවාන් බිලියන 672.19 ක් විය. පසුගිය වසරේ සමාන කාලයට වඩා  25.5% ක වර්ධනයක් වන එය 2019ට වඩා 26.1% ක වර්ධනයකි. චීනය තවදුරටත් ගෝලීය ආයෝඡනය සඳහා ජනප්‍රිය ගමනාන්තයක් වන අතර වසංගතය යටතේ චීන සමාගම් විසින් ගෝලීය සමාගම් සඳහා දුර්ලභ සංවර්ධන අවස්ථා ලබා දෙන බව ඉන් පිළිඹිබු වෙයි.

ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ චීනය විසින් ඇමරිකාව, යුරෝපා සංගමය සහ ජපානය වැනි සාම්ප්‍රදායික වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම් 22.6%කින් ඉහළ ගොස් තිබේ. ඒ අතරම, නැගී එන වෙලඳපොල සහ චීන අතර වෙළඳ සහයෝගීතාව තවදුරටත් ගැඹුරු වෙමින් පවතී. ආසියාන්, ලතින් ඇමරිකාව සහ අප්‍රිකාව වැනි නැගී එන වෙළඳපොල වෙත අපනයනය කිරීම 26.5% කින් වැඩි විය. චීන ආර්ථිකය සහ ලෝක ආර්ථිකය ගැඹුරු ලෙස ඒකාබද්ධ කිරීම තවමත් අඛණ්ඩව සිදු වන බව දැකීම අපහසු නැත. ලෝක ආර්ථිකයේ ප්‍රකෘතියට චීනයේ සහය අවශ්‍යයි.

ගෝලීයකරණය සහ ආරක්‍ෂණවාදය වැනි ප්‍රතිවිරුද්ධ ධාරාවන් මධ්‍යයේ, චීනය සැම විටම එහි දොරවල් විවෘත කර ඇති අතර වසංගතයේ බලපෑමෙන් හැකි ඉක්මනින් ලෝක ආර්ථිකයට පුනරුත්ථාපනයට සිය විවෘතභාවය තවදුරටත් පුළුල් කළේය.

චීනය ගෝලීය විවෘතභාවයේ වැදගත් ප්‍රවර්ධකයෙකු වී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන