අද ටිබෙටය හමුවේ කිසිදු බාහිර බෙදුම්වාදී බලවේගයකට බාධා සිදු කළ නොහැක
2021-08-19 20:12:45
Share with:

අද ටිබෙටය හමුවේ කිසිදු බාහිර බෙදුම්වාදී බලවේගයකට බාධා සිදු කළ නොහැක_fororder_QQ图片20210819200434

ටිබෙටය සාමකාමී ලෙස නිදහස් කර ගැනීමේ 70 වන සංවත්සරය මෙම වසරට යෙදී ඇත.අද(19) ටිබෙටයේ අගනුවර වන ලාසා හි පැවති සාමකාමී ටිබෙට් නිදහස් වීමේ 70 වන සංවත්සරය සැමරීමේදී, ගතවූ වසර 70 තුළ ටිබෙට් ස්වයාත්තයේ සිදු වූ වෙනස්කම් එහි සෞඛ්‍ය සම්පන්න හා සතුටු සිතින් සිනාවෙන් පිරි වැසියන්ගෙන් පිළිබිඹු වූ අතර සෞභාග්‍යයේ දර්ශනයක් පෙන්නුම් කළේය.

සාමකාමී ලෙස ටිබෙටය නිදහස් කිරීම මගින් අධිරාජ්‍යවාදී බලවේග මුළුමනින්ම නෙරපා දමා ඇති අතර ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර තිබේ. ටිබෙට් ස්වයාත්තයේ සියලුම ජනවාර්ගික කණ්ඩායම් වල ජනතාවට සෙසු චීන ජාතිකයින් සමඟ ජාතික ස්වෛරීභාවය සහ ගෞරවය එක්ව භුක්ති විඳිය හැකිය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ටිබෙටය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේය. දේශපාලනය සහ ආගම ඒකාබද්ධ කිරීමේ වැඩවසම් වහල්භාවයෙන් මිලියන ගණනක් දාසයන් නිදහස් වී ඇති අතර සැවොම සමාන සමාජ තත්ත්වයක් සහ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳිති. ටිබෙට් ස්වායත්තය පිහිටුවීමෙන් පසු, ටිබෙටයේ සියළුම ජනවාර්ගික කණ්ඩායම්වල මිනිසුන්ට තමන්ගේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කර ගැනීමේ අයිතිය මුළුමනින්ම සහතික කර තිබේ.

පසුගිය වසර 70 තුළ ඉතිහාසය විශ්වාසවන්තව ටිබෙටයේ ප්‍රගතිය සහ විවෘතභාවය වාර්තා කර ඇත. එහි ස්වරූපය වෙනස් කර ඇති අතර ටිබෙට් වැසියන් ගේ ජීවිතයේ විශාල වෙනස්කම් සිදු වී තිබේ.

මේ වසරේදී චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්මේ ආරම්භය සනිටුහන් විය. ටිබෙටය ද සංවර්ධනය සඳහා නව ආරම්භක ස්ථානයක සිටී. එය උසස් තත්ත්වයේ ආර්ථික හා සමාජ සංවර්ධනයක් වේගවත් කරන අතර ජනතාවට යහපත් ජීවිතයක් නිර්මාණය කිරීමකි. ටිබෙටයේ දිගු කාලීන ස්ථාවරභාවය හමුවේ කිසිදු බාහිර බලවේගයකට එහි බාධක තරංග සෑදිය නොහැක . ටිබෙටය බෙදීමේ ඇතැම් සතුරු බලවේගයන්ගේ කුමන්ත්‍රණය අසාර්ථක වීම නියතය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන