"ලෝකයේ ප්‍රථම අවිචාරවත් මුදල් භාවිත රට " වන ඇමරිකාව ලෝකයට අර්බුදයන් දායාද කරයි
2021-08-16 16:23:02
Share with:

"ලෝකයේ ප්‍රථම අවිචාරවත් මුදල් භාවිත රට " වන ඇමරිකාව ලෝකයට අර්බුදයන් දායාද කරයි_fororder_QQ图片20210816162145

මෑතකදී චීන බුද්ධි මණ්ඩල තුනක් ඒකාබද්ධව "’ඇමරිකාව ප්‍රථමයෙන්ද ? ඇමරිකාවේ කොරොනා වසංගත විරෝධී සත්‍යය" නමින් වාර්තාවක්  නිකුත් කළේය . ඇමරිකානු රජය විසින් කොරොනා වසංගතය වැළැක්වීමේ සහ පාලන පියවර අසාර්ථක වීම වසා‍ ගැනීමට මුදල් නිකුත් කිරීම මගින් අර්බුදය සමනය කළ බව එම වාර්තාව පෙන්වා දුන්නේය. මුදල් සංසරණයෙන් ශ්‍රේණිගත කරන්නේ නම් ඇමරිකාව"අංක 1 මුදල් නොසැලකිලිමත් රට" ලෙස ශ්‍රේණිගත කිරීම සුදුසු ය. ඇත්ත වශයෙන්ම, ඇමරිකාව විසින් වෙළඳපොළට එන්නත් කරන ලද විශාල ද්‍රවශීලතා ප්‍රමාණය නිරන්තරයෙන් සෘණාත්මක පිටාර ගැලීම් බලපෑම් ඇති කරන අතර ලොව පුරා සිටින ජනතාවට ඒ සඳහා ගෙවීමට සිදු වේ.

ඇමරිකාව අධික ලෙස මුදල් නිකුත් කිරීම හේතුවෙන් විවිධ රටවල ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ විශාල අවිනිශ්චිතතාවයක් සහ අස්ථාවරභාවයක් ඇති වී ඇති අතර එමඟින් ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල කැලඹීම් ඇති වී තිබේ. නැගී එන වෙලඳපොල ආර්ථිකයන්ට සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට වේදනාකාරී ප්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇත. බ්‍රසීලය, රුසියාව, තුර්කිය, මෙක්සිකෝව සහ අනෙකුත් නැගී එන වෙලඳපොල රටවලට මේ වසරේදී පොලී අනුපාත ඉහළ නංවා ගැනීමට සිදු විය.

මේ වන විට ලොව පුරා ජනතාව වසංගතයෙන් පීඩා විඳිති. ඇමරිකාව විසින් අවිධිමත් ලෙස මුදල් නිකුත් කිරීම ලොව පුරා රටවලට අතිරේක ආර්ථික හා සමාජීය පීඩනයක් ගෙන දෙනවා පමණක් නොව, ලෝක ආර්ථික ආරක්ෂාවට විශාල සැඟවුනු අනතුරක් ද සිදු කරයි.

ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට දායක වීම සඳහා ඇමරිකාව වඩාත් වගකිව යුතු මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන