ගෝලීය වසංගත පාලනයට විශාල බාධාවක් වී ඇති ඇමරිකාවේ දේශපාලන මෙහෙයුම්
2021-08-15 15:53:02
Share with:

ගෝලීය වසංගත පාලනයට විශාල බාධාවක් වී ඇති ඇමරිකාවේ දේශපාලන මෙහෙයුම්_fororder_8b82b9014a90f603ce855e9563014413b151edcc

ගෝලීය වශයෙන් හොඳම වෛද්‍ය තාක්ෂණය, ප්‍රවීණයින් හා සම්පත් හිමි ඇමරිකාව වසංගතයට මුහුණ දීමේදී පරාජයට පත් වීමට, දේශපාලන බෙදීම හේතුවී ඇත. සාමාන්‍ය පුරවැසියන් මේ තුළ ගොදුරු බවට පත්ව තිබේ. ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නවතම සංඛ්‍යාලේඛනයට අනුව අගෝස්තු මාසයේ සිට ඇමරිකාවේ දෛනික නව කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව එක්ලක්ෂය ඉක්මවා ගොස් ඇත. වසංගතය නිසා ඇමරිකාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව, ගෝලීය මරණ සංඛ්‍යාවෙන් සියයට 14ක් ගනී. ප්‍රතිකාර ලබා සුව වී සිටින ඇමරිකානු පුරවැසියෝ, විශාල ගාස්තු ගෙවීමට සිදු වීම නිසා දැඩි ලෙස දුකට පත්වී සිටිති. දේශාපලන බෙදීම, වෛරසය සේම ඇමරිකානු සමාජය ද බෙදා හරිමින් තිබේ.

වසංගතය හමුවේ ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක තමාගේ දේශපාලනික නිවැරදි බව ඔප්පු කිරීම සඳහා සාමාන්‍ය ඥානය හා විද්‍යාව පසෙක තබා විශාල ප්‍රමාණ ව්‍යාජ තොරතුරු පළ කරමින්  ගැටළු ඇති කිරීමෙහි ද නව සීතල යුද චින්තන උද්දීපනය කිරීමෙහි ද ඇබ්බැහි ව සිටියි. මේ අතර විද්‍යාත්මක සංකල්පයට පටහැනිව, චීනය කෙරෙහි වෛරසයේ මූලාශ්‍රය සෙවීමේ දෙවන අදියරේ සැලැස්මක් ආරම්භ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයට අඛණ්ඩව බල කිරීමට ඇමරිකාව තැත් ක‍රයි. එමෙන්ම වෛරසයේ ව්‍යාප්තියට නිදහස  දුන් අතර, ගෝලීය වසංගත තත්ත්ව‍ය නරක අතට හැරී තිබේ. ‘එන්නත් ජාතිවාදය’ අනුගමනය කරන ඇමරිකාව එන්නත් සංවර්ධනය, නිෂ්පාදනය හා සාධාරණ බෙදා හැරීම සඳහා විවිධ රටවල් පවත්නා සහයෝගිතාවන් විනාශ කිරීමෙහි නිරතව සිටියි.

ඇමරිකාවේ දේශපාලන මෙහෙයුම් ගෝලීය වසංගත පාලනයට විශාල බාධාවක් වී ඇත. එය එරටටත් සෙසු රටවලටත් හානිකර බව දැකිය හැකිය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන