වසංගතයේ ගෝලීය පැතිර යාම පිළිබඳව ඇමරිකාවට නිදහස් විය නොහැකි වගකීමක්
2021-08-14 18:18:41
Share with:

වසංගතයේ ගෝලීය පැතිර යාම පිළිබඳව  ඇමරිකාවට නිදහස් විය නොහැකි වගකීමක්_fororder_649bb191b275a73e6c0856855771c6ca

වසංගතය පාලනයෙන් තොරවීමේ තත්ත්වයක් හමුවේ වුවද ඇමරිකාව සිය පුරවැසියන්ට පැනවූ සංචාරක තහනම අහෝසි කළ බව චීනයේ බුද්ධි මණ්ඩල තුනක් විසින් නිකුත් කළ වාර්තාවක් හෙළි කර ඇත. ගෝලීය වශයෙන් වාර්තා වූ කොරොනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටි 20කට වැඩි වීම සඳහා ඇමරිකාවට සිය වගකීමෙන් නිදහස් විය නොහැකිය.

ආර්ථිකය ආරක්ෂා කිරීම හා ඡන්ද දිනා ගැනීම යන සාධක කල්පනා කරමින් ඇමරිකාව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිය රටේ වසංගත තත්ත්ය උග්‍ර වූ කාලයේ වුවද රටේ පුරවැසියන්ට පැනවූ විදේශ සංචාරක තහනම අහෝසි කළ බව ප්‍රකාශ කර තිබිණ. ඇමරිකානු ජාතික සංචාරක කාර්යාලයේ සංඛ්‍යාලේඛනයට අනුව 2020 වසරේ අප්‍රේල් මාසයේ සිට 2021 මාර්තු මාසය දක්වා ඇමරිකානු පුරවැසියන් දෙකෝටි තිස්එක් ලක්ෂ අනූපන් දහසක් ගොඩබිමෙන් හෝ ගුවනින් පිටරටවලට ගොස් තිබිණ. වසර 2020 නොවැම්බර් මාසයත් වසර 2021 ජනවාරි මාසයත් අතර කාලයේ ඇමරිකාවේ වසංගතය උග්‍රතම අදියරට පිවිසුණි. දෛනික අලුත් ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ අසූහය දහසක් දක්වා වැඩි විය. මේ අතර සංචාරය කිරීමට විදේශ රටවලට ගිය ඇමරිකානු පුරවැසියන්ගේ වාර ගණන ද, දෛනික ව අසූහත් දහසක් ලෙස ඉහල මට්ටමක පැවතිණ.

මේ උපරිම අවස්ථා දෙක සමකාලීනව වාර්තා වීම, වෛරසය ගෝලීයව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට තුඩු දී තිබිණ. ඊශ්‍රායලයෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් සියයට 70කට ආසාදනය වූ වෛරස් ප්‍රභේදය මතු වූයේ ඇමරිකාවෙනි. දකුණු කොරියාවේ හඳුනා ගත් විදේශ රටවලින් පැමිණි ආසාදිතයින් 7000 ගෙන් සියයට 30ක් පැමිණියේ ඇමරිකාවෙනි.

ඇමරිකාව රටවල් සියයක පමණ හමුදා මූලස්ථාන ස්ථාපිත කර ඇත. එහි රැඳී සිටින ඇමරිකානු භටයින් එම රටවල වසංගත පාලන විධිවිධාන උල්ලංඝනය කරමින් වසංගත ව්‍යාප්තිය උග්‍රකරවීම පිළිබඳ පුවත් අඛණ්ඩව වාර්තා වී තිබේ.

වසංගතයේ ගෝලීය පැතිර යාමට ඇමරිකාවට නිදහස් විය නොහැකි වගකීමක් තිබෙන බව සත්‍ය කරුණු රැසක් මගින් පැහැදිලි විය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන