වසංගත විරෝධයේ වගකීම් හිතාමතාම පැහැර හරින ඇමරිකාව
2021-08-13 15:28:31
Share with:

වසංගත විරෝධයේ වගකීම් හිතාමතාම පැහැර හරින ඇමරිකාව_fororder_锐评

වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීම පිළිබඳ වගකීම භාර ගැනීමෙන් තොරව, මුළු වසංගත කාලය තුළ, Washington හි දේශපාලනඥයෝ අඛණ්ඩව සිය වගකීම් චීනයට පැවරීමට උත්සාහ දරමින් සිටිති.

ඇමරිකානු විද්වතෙකු වන Graham Allison මහතා මෑතකදී මෙම චෝදනාව නැගීමෙන්, ඇමරිකානු දේශපාලනඥයින් සිය වගකීම් චීනයට පැවරීමේ දේශපාලන අරමුණ හෙළි කර තිබේ.

නව කොරොනා වසංගතය ගෝලීය මහජන සෞඛ්‍ය ව්‍යසනයක් වන නමුත්, ඇමරිකානු දේශපාලනඥයින් එය යුධකරණයකට පත් කිරීමෙන්, විශාල රටවල් අතර ගැටුම් ඇති කර තිබේ.

2020 වසර ඇමරිකානු මැතිවරණ වසර විය. ඇමරිකානු දේශපාලනඥයෝ ඡන්ද ලබා ගැනීම සඳහා, වසංගත පාලනයේ පරාජය පිළිබඳ වගකීම පැහැර හැරීමේ සැලැස්ම ක්‍රියාවට නැංවූහ.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ, ඇමරිකානු රිපබ්ලිකන් සෙනෙට් ජාතික කමිටුව මැතිවරණ ආයතනයට යැවූ සංදේශයක්, ඇමරිකානු මාධ්‍ය විසින් පළ කර තිබේ. එම සංදේශයේ පැහැදිලිව සඳහන්ව ඇත්තේ, වෛරසය පිළිබඳ ඕනෑම විමසීමකදී  චීනයට පහර දිය යුතු බවයි.

ඇමරිකාවේ නව කොරොනා වසංගතය නරක අතට හැරෙමින් ඇති නමුත්, වත්මන් ඇමරිකානු රජය දේශීය ප්‍රතිපත්ති සකස් කිරීමට අවධානය යොමු නොකර විදේශයන්හි බිල්ලක් සොයමින් සිටි බව රුසියානු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සභාවේ වෙබ් අඩවිය මෑතකදී ලිපියක් පළ කරමින් සඳහන් කළේය. එය මුළුමනින්ම වැරදි දිශාවක් බව, එම ලිපිය පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන