ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන තරග ඉසව්වේ අවසාන මහා තරගයට පිවිසි ප්‍රථම චීන ක්‍රීඩිකාව
2021-08-12 10:19:55
Share with:

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන තරග ඉසව්වේ අවසාන මහා තරගයට පිවිසි ප්‍රථම චීන ක්‍රීඩිකාව_fororder_a8ec8a13632762d0c29a81665f62e0f2533dc6de

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන තරග ඉසව්වේ අවසාන මහා තරගයට පිවිසි ප්‍රථම චීන ක්‍රීඩිකාව_fororder_e824b899a9014c0821edf49bf4f5ea007af4f456

පසුගිය 3වැනි දා ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ධාවන තරග ඉසව්වේ අවසාන මහා තරගය නිමාව දුටුවා. චීන ක්‍රීඩිකා Wang Chunyu, අර්ධ අවසාන තරගයේ තමා විසින් බිහි කළ පෞද්ගලික ඉහළ ම වාර්තාව එම අවසාන මහා තරගයේදී යළිත් බිඳ ‍හෙලුවා. ඒ සමග ම, අවසාන මහා තරගයේ ඇය 5වැනි ස්ථානය හිමි කර ගත්තා. Wang Chunyu ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එම ධාවන තරග ඉසව්වේ අවසාන මහා තරගයට පිවිසි ප්‍රථම චීන ක්‍රීඩිකාව බවට ද පත් වුණා.

ඇය සහභාගී වූ එම අවසාන මහා තරගය, ඉතා ඉහළ තරගකාරී තරගයක්. අවසාන මහා තරගය සඳහා තරග වැදුණු ක්‍රීඩිකාවන් 8දෙනෙකුගෙන් 7දෙනෙක් තමා විසින් බිහි කළ පෞද්ගලික ඉහළ ම වාර්තා එහිදී බිඳ හෙලීමට සමත් වී ති‍බීම ඊට හේතුවයි.

අවසාන මහා තරගයේ අවසාන මීටර් 400දී , මැද ස්ථානයක පසු වූ Wang Chunyu ක්‍රමක්‍රමයෙන් පසු බැස්සා. නමුත්, අවසාන මීටර් 100 දී ඇය සිය උපරිමයෙන් වේගයෙන් දිව්වා. තරගයෙන් පසු, ඇය පැවසුවේ තරග අවසානය කරා වේගයෙන් දිවීමේදී තමාගේ ශක්තිය ප්‍රමාණවත් නොවුණත්, උපරිමයෙන් අවසාන ස්ථානය කරා දිවිය යුතු බවයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන තරග ඉසව්වේ අවසාන මහා තරගයට පිවිසි ප්‍රථම චීන ක්‍රීඩිකාව_fororder_03087bf40ad162d90fa5132ded5141e48b13cdd4

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන තරග ඉසව්වේ අවසාන මහා තරගයට පිවිසි ප්‍රථම චීන ක්‍රීඩිකාව_fororder_77094b36acaf2edd7e4cc981709ee9e1380193b5

චීනයේ මෙම තරග ඉසව්වේ ඉහළ ම වාර්තාව බිහි කළාත්, සම්මානය ලැබීමේ වේදිකාවට ගොඩ නැගීමට නොහැකි වීම පිළිබඳව Wang Chunyu කණගාටු වුණා. තමා හා සම්මාන ලැබූවන් අතර පවතින පරතරය පුහුණුවීම් හී  නිරිත වීමෙන් අඩු කළ හැකි බවට ඇය විශ්වාස කරනවා. අනාගතයේදී තමාට ඔවුන් පරාජය කළ හැකි වන බවට ද Wang Chunyu ගේ විශ්වාසයයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන