ඇමරිකානු ඛේදවාචකයට බලපෑ මූලික සාධකය කුමක් ද?
2021-08-12 19:29:05
Share with:

图片默认标题_fororder_314e251f95cad1c8128e0c3a33739401c93d5148

වර්තමානයේ ඇමරිකාවේ සිව් වැනි කොරොනා වසංගත රැල්ල මතු වී තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනයට අනුව ගෙවී ගිය සතිය තුළ ඇමරිකාවෙන් වාර්තා වූ දෛනික ආසාදිත සංඛ්‍යාව එක්‍ලක්ෂ දහඅට දහස ඉක්මවා ගොස් ඇත. රටේ බහුතර රෝහල්වලට පූර්ණ ධාරිතාවෙන් යුක්තව ක්‍රියාත්මක වීමට සිදු විය. 11 වනදා වන විට ඇමරිකාවෙන් වාර්තා වූ සමස්ත කොරොනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තුන් කෝටි හැට ලක්ෂයක් මෙන්ම මරණ සංඛ්‍යාව හැට ලක්ෂ දස දහස ඉක්මවා ගොස් ඇති අතර එම සංඛ්‍යා දෙකම ලෝකයේ පළමු ස්ථානයේ පසු ‍වේ.

මේ හේතුවෙන් බ්ලූම්බර්ග් පුවත් ආයතනය ඇමරිකාවේ වසංගත පාලන කල් කිරියාව ‍ලෝකයේ පළමු ස්ථානය ලෙස ඇගයීම, උපහාසාත්මක ය. ඇමරිකාවෙන් වාර්තා වූ විවිධ සංඛ්‍යා, චීනයේ බුද්ධි මණ්ඩල තුනක් විසින් නිකුත් කරන ලද වාර්තාවකින් විස්තර කර ඇති සත්‍යය, එනම්, ඇමරිකාව ලෝකයේ වසංගත පාලනය අතින් පරාජිතම රට යන්න සඳහා  සාක්ෂි සපයා ඇත.

‘ඇමරිකාවට පළමු ස්ථානය හිමි වෙයි ද? ඇමරිකානු වසංගත මර්දනයේ සැබෑ තත්ත්වය’ නම් එම වාර්තාව මගින් පර්යේෂකයින් සවිස්තරාත්මක දත්ත හා විෂයමූලික ස්ථාවරය මගින්, ඇමරිකාවේ වසංගත පාලනයේ සැබෑ තත්ත්වය අනාවරණය කර ඇත. ප්‍රමාණවත් වෛද්‍ය සම්පත් හා හදිසි තත්ත්වයන්ට මුහුණ දීමේ පූර්ණ පාලන පද්ධතියක් සහිත ඒ සුපිරි රට, වසංගතය විසින් පරාජයට පත් කරනු ලැබුවේ කෙසේ ද යන්න පිළිබඳව ද එහිදී හෙළි වී තිබේ.

ඇතැම් දේශපාලනඥයින් සිය දේශපාලන වාසී ජන ජීවිත වලට වඩා ඉහල ස්ථානයකට තබා ගැනීම, ඇමරිකාවේ පරාජයට මූලිකම සාධකය බව ගෙවී ගිය වසරක ඇමරිකාවේ වසංගත පාලන ක්‍රියාමාර්ගය ආවර්ජනය කරමින් දැකිය හැකිය.

එහෙත් වෛරසය දේශපාලන දෙයක් නොවේ. ධවල මන්දිරයේ සැලසුම් සම්පාදකයින් සිය ආකල්ප වෙනස් නොකර ජන ජීවිතවලට  ප්‍රමුඛතාව ලබා නොදුනහොත්, ඇමරිකානු ඛේදවාචකය නතර නොවනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන