චීනය, එන්නත් ගෝලීය පොදු නිෂ්පාදනයක් බවට පත් කිරීම ප්‍රවර්ධනය කරයි
2021-08-11 10:54:01
Share with:

චීනය, එන්නත් ගෝලීය පොදු නිෂ්පාදනයක් බවට පත් කිරීම ප්‍රවර්ධනය කරයි_fororder_src=http___cpc.people.com.cn_NMediaFile_2020_0519_MAIN202005190755410071337080384&refer=http___cpc.people.com

2021 වසරේ නව කොරොනා වසංගතය තවමත් ලෝකයේ පැතිර යමින් පවතින අතර  මානවයාගේ සෞඛ්‍යයට තර්ජන පවතී. චීන ජනාධිපති ෂී ජන් පිං මහතා ඉදිරිපත් කළ “සෞඛ්‍ය සම්පන්න පොදු මානව ප්‍රජාව” යන සංකල්පය අනුගමනය කරමින් චීනය එන්නත් ගෝලීය පොදු නිෂ්පාදිතයක් බවට පත් කිරීම ප්‍රවර්ධනය කර ඇත. මේ වනවිට චීනය විදේශයන්ට එන්නත් මාත්‍රා කෝටි 75ක් සපයා තිබේ. ‍වසංගතයට එරෙහි ගෝලීය සටන වෙනුවෙන් චීනය දායකත්වය දරා ඇත.

පසුගිය වසරේ මැයි මස පැවති ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පොරොන්දු වූයේ, චීනයේ කොරොනා එන්නත් පර්යේෂණය කර භාවිතයට පත් කිරීමෙන් පසු සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ එන්නත්කරණය හා පිරිවැය දැරීමේ හැකියාව චීනය ප්‍රවර්ධනය කරනු ඇති බවයි. ගෙවී ගිය වසර තුළ චීනය නිෂ්පාදනය කරන එන්නත් වර්ග කිහිපයක් භාවිත කිරීමට රටවල් 100කට වැඩි සංඛ්‍යාවක් අවසර ලබා දී තිබේ. සිම්බාබ්වේ ජනාධිපති Emmerson Dambudzo Mnangagwa මහතා පැවසුවේ, චීන එන්නත් මගින් සිය රටට වසංගතයට එරෙහිව සටන් කිරීමේ බලාපොරොත්තු ගෙන ආ බවයි.

හැකි තරම් එන්නත් සපයන විට සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් නිෂ්පාදන තාක්ෂණය පවරා දීම සඳහා චීන රජය සිය ව්‍යාපාරවලට අනුබල දී ඇත. මේ වනවිට චීන එන්නත් නිෂ්පාදන සමාගම් එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ඉන්දුනීසියාව, ඊජිප්තුව, බ්‍රසීලය හා පාකිස්ථානය යන රටවල, සහයෝගිතාව මත එන්නත් නිෂ්පාදනය ආරම්භ කර තිබේ. එමගින් ඉටු කෙරෙන එන්නත් නිපැයුම මාත්‍රා කෝටි 20ක් ඉක්මවා ගොස් ඇත. පාකිස්ථාන විදේශ ඇමති Shah Mahmood Qureshi මහතා පැවසුවේ චීනය තම රටට එන්නත් මාත්‍රා ලක්ෂ 35ක් පරිත්‍යාග කර ඇති බවයි. චීන සමාගම් දුන් සහය සමග පාකිස්ථාන ජාතික සෞඛ්‍ය පර්යේෂණ ආයතනය සිය රට තුළ එන්නත් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත.

එන්නත්, සෑම රටක ම ජනතාවට භාවිත කළ හැකි මෙන්ම පහසු මිලට ලබාගත හැකි පොදු නිෂ්පාදිතයක් බවට පත් කිරීම සඳහා වෑයම් දරමින් සිටින චීනය, විශාල රටක පොරොන්දු ඉටු කිරීම පිළිබඳ වගකීම භාර ගෙන සිටියි. වසංගතයට මුහුණ දීමේදී එකමුතුවෙන් සහයෝගිතා පැවැත්වීම, වසංගතය දේශපාලනීකරණය කිරීමට විරුද්ධ වීම මගින් සෞඛ්‍ය සම්පන්න පොදු මානව ප්‍රජාව ස්ථාපිත කිරීම ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන